අරුණ උදයේ පිපුණ මල සේ - කුරුළු බැද්ද (1961)
- මාධව විජේසේකර
- May 11, 2017
- 2 min read



අරුණ උදයේ පිපෙන මල සේ
පිබිද මැලිකම් දුරලලා//
මුහුණ දොවලා මිදුල පිසදා
දෙගුරු කුලදෙවි නමැදලා
ගමන නාලිය වැනිය ඈ පිය නගා
ළිඳ වෙත දියට යයි
ලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු
ඇගේ ඉරියව් කඩිසරයි
අරුණ උදයේ...
වවයි මල්වතු වියයි පොල් අතු
ගොතයි බීරළු හැඩ දමා
පොළයි වී ටික පලයි දර ටික
උයා දෙන්නෙත් ඈ තමා
අරුණ උදයේ...
සිහල ආරිය සිරිත මේ ලිය
සියළු තැන්හි ම රකිනවා
පිනට දහමට කැමති ඈ නිති
ගමේ හඳ මෙන් දිලෙනවා
අරුණ උදයේ...
මේ ගීතය තමා ජේ, ඒ, මිල්ටන් පෙරේරා මහතා චිත්‍රපටියක ට මුල්වරට පසුබිම් ගායනා කල ගීතය. 1961 තිරගත වූ කුරුළු බැද්ද චිත්‍රපටියට තමා මේ ගීතය ඇතුළත් වුණේ. සිනමාවට නැගුණ ප්‍රථම ගුවන් විදුලි නාට්‍යය ද මෙයයි. යහපත් ස්ත්‍රියකගේ එහෙම නැත්තම් අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව, ගෘහණියක් හැටියට ඇය කරන දෛනික කටයුතු ගැන මේ ගීතයේ අපූරුවට ලියවිලා තියෙනවා.
කුරුළු බැද්ද චිත්‍රපටිය ගැන සැකෙවින් :
තිරගත වූ දිනය – 1961 මාර්තු 29
නිෂ්පාදනය - ජෝන් ඊ. අමරතුංග
අධ්‍යක්ෂණය, සංස්කරණය - එල්. එස්. රාමචන්ද්‍රන් (ඉන්දීය ජාතික)
කතාව හා දෙබස් - පී. කේ. ඩී. සෙනෙවිරත්න (කුරුළු බැද්ද ගුවන් විදුලි නාට්‍ය ඇසුරිනි)
කැමරාව - ලිනී ද කොස්තා
කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
කවි – පී. කේ. ඩී. සෙනෙවිරත්න
ගීත සංඛ්‍යාව - 04 කවි පන්ති 01
ගීත හා ගායනා ශිල්පීන් :
අරුණ උදයේ පිපුණු මල සේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ඔය බැල්ම ඔය කැල්ම – ලතා / ධර්මදාස වල්පොල
වී කිරිල්ලී යයි ඉගිල්ලී - ජී. එස්. බී. රාණි පෙරේරා
කුරුළු කොබෙයි පරෙවි වගේ – ලතා වල්පොල / පිරිස
වත්තේ වැටුණු පොල් අතු (කවි) – ධර්මදාස වල්පොල
ගීත පටිගත කිරීම - සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරය, කඳාන
ගීත පොත් – ඇම්. කේ. පොන්නයියා පිල්ලේ
ග්‍රැමෆෝන් තැටි – පිලිප්ස්
රඟපෑ නළු නිළියෝ :
දයානන්ද ගුණවර්ධන – බංඩාර
පුණ්‍යා හීන්දෙනිය – රං මැණිකා
රම්‍යා හීන්දෙනිය – මව
එස්. ජේමිස් පෙරේරා - පියා
ආරියදාස පීරිස් - දොස්තර
ඩී. ආර්. නානායක්කාර – කයිතන් බාස්
මිලී කහඳවල
ලිලියන් එදිරිසිංහ
නාලිනී අබේපාල
Comentários