ගුම් ගුම් ගුම් (බඹර ගීය)
- මාධව විජේසේකර
- May 8, 2017
- 2 min read


ගුම් ගුම් ගුම්...//////
මලකට (ගුම් ගුම්) වැලකට (ගුම් ගුම්)
ගහකට (ගුම් ගුම්) හනිකට (ගුම් ගුම්)
මලකට රොනකට (ගුම් ගුම් ගුම්)
ගහකට වැලකට (ගුම් ගුම් ගුම්)
උදයට සවසට (ගුම් ගුම් ගුම්)
හෙමිහිට හනිකට (ගුම් ගුම් ගුම්)
මල් මාලා (ගුම් ගුම් ගුම්)
වැල් දාලා (ගුම් ගුම් ගුම්)
රොන් දාලා (ගුම් ගුම් ගුම්)
රුං ගාලා (ගුම් ගුම් ගුම්)
මලින් මලට ගුම් (ගුම් ගුම් ගුම්)
වැලින් වැලට ගුම් (ගුම් ගුම් ගුම්)
ගහෙන් ගහට ගුම් (ගුම් ගුම් ගුම්)
රොනින් රොනට ගුම් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම් //
මලින් මලට (ගුම් ගුම්)
වැලින් වැලට (ගුම් ගුම්)
ගහෙන් ගහට (ගුම් ගුම්)
රොනින් රොනට (ගුම් ගුම්)
මලින් මලට (මලකට)
වැලින් වැලට (වැලකට)
ගහෙන් ගහට (ගහකට)
රොනින් රොනට (රොනකට)
මල් (ගුම්) මල් (ගුම්) මල් (ගුම් ගුම්)
වැල් (ගුම්) වැල් (ගුම්) වැල් (ගුම් ගුම්)
රොන් (ගුම්) රොන් (ගුම්) රොන් (ගුම් ගුම්)
මල් (ගුම්) වැල් (ගුම්) රොන් (ගුම් ගුම්)
ගුම් ගුම් ගුම්...//////
මලකින් මලකින් (ගුම් ගුම් ගුම්)
වැලකින් වැලකින් (ගුම් ගුම් ගුම්)
ගහකින් ගහකින් (ගුම් ගුම් ගුම්)
රොනකින් රොනකින් (ගුම් ගුම් ගුම්)
අහරක් අහරක් (ගුම් ගුම් ගුම්)
කවරක් කවරක් (ගුම් ගුම් ගුම්)
බැහැරක් බැහැරක් (ගුම් ගුම් ගුම්)
දෙවරක් දෙවරක් (ගුම් ගුම් ගුම්)
ගුම් ගුම් ගුම්...//
උදයට (ගුම් ගුම්)
සවසට (ගුම් ගුම්)
මලකට (ගුම් ගුම්)
රොනකට (ගුම් ගුම්)
උදයට සවසට වටපිට බැලුවිට
හෙමිහිට මලකට රසමිට මිහිරට
ගුම් ගුම් ගුම්...//
ගුවන් ගැබේ (ගුම් ගුම් ගුම්)
අහස් කුසේ (ගුම් ගුම් ගුම්)
පවන් රැලේ (ගුම් ගුම් ගුම්)
පාන්දරින් (ගුම් ගුම් ගුම්)
එහා මෙහා (ගුම් ගුම් ගුම්)
රෑන් ගැහී (ගුම් ගුම් ගුම්)
රූං කියා (ගුම් ගුම් ගුම්)
පියා විදා (ගුම් ගුම් ගුම්)
පියා සලා (ගුම් ගුම් ගුම්)
නිසංසලේ (ගුම් ගුම් ගුම්)
හීන් සැරේ (ගුම් ගුම් ගුම්)
පියා හඹයි (ගුම් ගුම් ගුම්)
ගුවන් ගැබේ අහස් කුසේ පවන් රැලේ පාන්දරින් එහා මෙහා රෑන් ගැහී රූං කියා පියා විදා පියා සලා නිසංසලේ හීන් සැරේ
පියා හඹයි පියා හඹයි හීන් සැරේ හීන් සැරේ...///
මේ ගීතය සම්පූර්ණයෙන් ම ලියන්න මම ගොඩක්ම මහන්සි වුණේ, මේ ගීතයේ ඇති විශේෂතවය නිසාමයි. මම දන්න තරමින් මෙය තමා ලෝකයේ තනි ස්වරයකින් නිර්මාණය වූ ප්‍රථම සහ එකම ගීතය. 1967 දී සුනිල් සාන්තයන් විසින් රචනා කර තනු නිර්මාණය කල මේ ගීතයේ පසුබිම් ගායනයෙන් අයිවෝ ඩෙනිසුන් ඇතුළු පිරිසක් දායක වූවා.
මුලු ගීතය පුරාම වාදනය වෙන්නේ, ශුද්ධ රී ස්වරය පමණයි (D Note - ශ්‍රැතිය D Major ). මෙහි තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාවේ බායාව නම් කොටසින් හඬක් ඇසෙනවා. එය පමණයි මුළු ගීතය පුරාම වාදනය වෙන්නේ. ආරම්භයේ දී පමණක් පියානෝවෙන් ශුද්ධ රී ස්වරය වාදනය කර ශ්‍රැතිය ලබාදෙනවා. සම්පූර්ණයෙන් ම ගීතය පුරාම පසුබිමින් ඇහෙන ගුම් ගුම් Chorus එකෙන් තමා අනෙක් සංගීත භාණ්ඩවල හඬ ආවරණය කරන්නේ. ගුම් ගුම් යන ශබ්දය කාල පරාස වෙනස් කරමින් රිද්මය වෙනස් කරනවා.
තාක්ෂණය ඕනෑවටත් වඩා සංගීතයට යොදාගන්නා මෙවැනි යුගයක, 1967 වැනි තාක්ෂණය දියුණු නැති යුගයේ තනි ස්වරයකින් මෙවැනි විශ්වකර්මයක් කිරීමට තරම් සුනිල් සාන්තයන්ගේ පරිකල්පන ශක්තිය කොපමන ද කියා මේ ගීතයෙන් වැටහෙනවා නේද?
Comments