top of page
Search

කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්

  • මාධව විජේසේකර
  • May 8, 2017
  • 1 min read

හඬ : විශාරද බණ්ඩාර අතාවුද

පද : වසන්ත කුමාර කොබවක

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

කඳුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්

සිතම සනසාලන සතපාලන

නුඹේ සිනාමල් අවර නැකත නොවේ

තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී සතුටු කඳුළු පිපේ මල් යායක

සිත් යාකල නුඹ මගේ දේවී අරුණ ගලන රැයේ

නෙත් මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී සිතට තනිය නොදී සිත් තුන් තිස් පැය

මල් යහනට වැඩපන් දේවී...

විශාරද බණ්ඩාර අතාවුදයන් ට දිනක් සරල ගී වැඩසටහනක් සඳහා ගීතයක් අවශ්‍ය වෙනවා. එතුමා තමන්ගේ මිතුරෙක් සමග ගීතයක් සොයා යනවා. මේ මිතුරා අන් කවරෙකුවත් නොව, අපේ රටේ සිටි ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වූ ජෝර්ජ් කීට් මහතාගේ පුත් සචින් කීට්. මෙහෙම යනකොට ඔවුන්ට නුගේගොඩ දී මුණ ගැසෙනවා ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන්. එතුමාගෙන් ගීතයක් ඉල්ලා සිටි විට, තමා ළඟ ඇති ලිපිගොනුවකින් වසන්ත කුමාර කොබවකයන් රචනා කල මේ ගීතය ලබා දෙනවා.


ගීතය ලබා ගත් පසු සචින් කීට් මහතා සමග බණ්ඩාර අතාවුදයන් බම්බලපිටියේ අවන්හලකට ගොස් කාලය ගත කරන අතරේ දී, මේසයට තට්ටු කරමින් මෙහි මූලික තනුව මුමුණා නිර්මාණය කර ඇති අතර, පසුව එය වැඩි දියුණු කිරීමට ආචාර්ය රෝහණ වීරසිංහයන්ට බාර දී ඇත.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page