top of page
Search

හා හා බලාගෙනයි

  • මාධව විජේසේකර
  • May 7, 2017
  • 2 min read

හඬ : ප්‍රදීපා ධර්මදාස

පද : මහාචාර්ය සුනිල් ආරියරත්න

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

හා හා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ මල් පෙති වලට යටින්

විසකුරු කටු තිබේ

හා හා බලාගෙනයි

නිලට නිලේ ගලන ගඟේ නිලට නිලේ ගලන ගඟේ දිය යට කිඹුල් පොරේ ගඟේ තරඟ දිගේ ඇදෙන නඟේ සීරුවෙන් හා හා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි කෝකිලයන් වෙසෙන වනේ කෝකිලයන් වෙසෙන වනේ කපුටන් සතර අතේ කොවුල් නදට ඇළුම් කරණ නඟේ සීරුවෙන් හා හා බලාගෙනයි දෙතොලේ කටු ඇනෙයි සිපගන්නේ ඔය මල් බලාගෙන හොඳේ මල් පෙති වලට යටින් විසකුරු කටු තිබේ මල් පෙති වලට යටින් විසකුරු කටු තිබේ හා හා බලාගෙනයි

1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථිකය නිසා මේ රටේ වෙළඳ කලාප බිහිවෙනවා. ඉතින් මේ වෙළඳ කලාප ආශ්‍රිතව විවිධ ඇඟලුම් කර්මාන්තශාලා එහෙම නැත්තන් අපි කවුරුත් කියන විදියට ගාර්මන්ට් බිහිවෙනවා. මේවාට ගොඩක්ම වැඩට එන්නේ ගම්බද තරුණියන්. සමහරුන්ට මේ පරිසරය හරිම අමුතුයි. ඇතැම් වෙලාවට ඔවුන් ගමෙන් නගරයට ඇවිල්ලා නගරයේ අතරමං වෙලා එහෙම නැත්තං තරුණයන්ට රැවටිලා ජීවිතේ අමාරුවේ වැටුණු අවස්ථා ඕන තරම් තියෙනවා. සමහරු අවාසනාවන්ත විදියට මරණයටත් ලක් වුණා.


ඉතින් මේ වගේ දේවල්වලින් පරිස්සම් වෙන්න කියන කියලා අක්කා කෙනෙක් නංගිලාට ඔවදනක් කරන ආකාරයට තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීතය රචනා කරලා තියෙන්නේ. මම පෞද්ගලිකව ඉතාම කැමති ගීතයක්. මෙහි වචන හරි අපූරුවට ලියලා තියෙනවා.


හා හා බලාගෙනයි, කියන කොටම යම් ප්‍රවේශම් සහගතවිය යුතුයි කියන සංඥාව ස්ථායි කොටසේ (Chorus) ඉතා ප්‍රබලව දෙනවා. ලස්සන මල් දැක්ක පලියට සිපගන්න එපා. සමහරවිට පෙතිවලට යටින් විසකුරු කටු තිබෙන්න පුළුවන්. මට හිතෙන්නේ මෙතන රෝසමල තමයි රූපකයක් ලෙස මහාචාර්යතුමා අරගෙන තියෙන්නේ. මොකද? රෝස මල ආදරයේ සංකේතයනේ.


පළවෙනි අන්තරා කොටස ගත්තොත්, (1st Verse) ඒකෙන් කියන්නේ, ලස්සනට නිල් පාටට ගලන ගඟක් තියෙනවා. හැබැයි වතුරයට මිනී කන කිඹුල්ලු ඉන්න පුළුවන් ඒ නිසා ගඟට බහින්නේ බලාගෙන වගේ අදහසක් දෙනවා. දෙවැනි අන්තරා කොටස ගත්තොත්, (2nd Verse) ඒකෙන් කියන්නේ, කොවුලන් ඉන්න කැලෑවේ කපුටොත් ඉන්නවා කියන එක. ඉතින් පොදුවේ ගත්තාම මේ කියන්නේ මොකද්ද? තරුණයෙක් දැකපු පලියට යාළුවෙන්න එපා පිටින් පේන කෙනා නෙමෙයි ඇතුළෙන් ඉන්නේ කියන එකයි.


ඒ වාගේ ම රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් මෙහි යොදා ඇති ආකාරය අපූරුයි. මෙහි ආරම්භක සහ අතුරු සංගීත ඛණ්ඩවල වාදනය වන බටනලා හඬ ඇහෙන්නේ අවවාදාත්මක ස්වරූපයෙන්. හරියට පුංචි කාලේ අම්මලා අපිට කියන්නේ, "පුතේ බලාගෙන, පරිස්සමින්" වගේ හඬක් අපිට ඇහෙනවා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page