top of page
Search

කරදිය ගැඹරේ තුන් යම ගෙවුනේ

  • මාධව විජේසේකර
  • May 7, 2017
  • 1 min read

හඬ : විශාරද එඩ්වඩ් ජයකොඩි

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

පද ; ප්‍රේම කුමාර ජයවර්ධන

කරදිය ගැඹරේ තුන් යම ගෙවුනේ

නුඹගේ දෑතට දිරිය වඩන්නයි ....

සුහුඹුල් අත් පා යදඬු කරන්නයි

කිරි කැටි පුතුනේ ....

අව්වට වැගිරේන දාඩිය වැස්සේ

කළු ගල් තනලා මහ මං තැනුවේ ....

නිවහල් ලොවකට නුඹට වඩින්නයි

කිරි කැටි පුතුනේ ....

දුන් රොඩු අතරේ කම්මල් ඇතුළේ

දැති රෝදෙට ගත ජීවය දුන්නේ ....

නව මිනිසෙකු නව ලොවට පුදන්නයි

කිරි කැටි පුතුනේ ....

1970 දශකයේ අග භාගයේ දී එඩ්වඩ් ජයකොඩි නම් තරුණයා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අතරෙම ගුවන්විදුලියට සම්බන්ධ වෙනවා. ඉතින් මුලදී එතුමාට ගයන්න වෙන්නේ අත්වැල් ගායන. පණ්ඩිත් අමරදේවයන් වැනි ජ්‍යේෂ්ඨ කලාකරුවන්ට වසර 4ක්ම අත්වැල් ගායනයෙන් දායක වුණ එතුමාට දවසක් ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මිය මේ පද රචනාව අඩංගු කඩදාසිය අරගෙන ඇවිත් ලබා දෙනවා. රාණි පෙරේරා මහත්මිය ප්‍රවීණ ගායිකාවක විතරක් නෙමෙයි ඇය එවකට ගුවන් විදුලි සංස්ථාවේ "ප්‍රබුද්ධ ගී" කියන වැඩසටහනේ නිෂ්පාදිකාව. මෙවැනි වැඩසටහන් වලට එඩ්වඩ් ජයකොඩි, රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර, ලක්ෂ්මන් විජේසේකර වැනි එවකට ආධුනික ශිල්පීන් සහභාගී වෙනවා. එවැනි අවස්ථාවක මැදිරියේ දී තමයි මේ කඩදාසිය දෙන්නේ.


"මල්ලි උඹ අද තනියම එකක් කියපන්" කියා රාණි පෙරේරා මහත්මිය කියන අතරේ දී ඒ අසලම සිටි රෝහණ වීරසිංහයන් දෙසට හැරී "මෙන්න මේක හදලා දිපන් මූට" කියා අමතනවා. ඒ අවස්ථාවේ දී වාදක මණ්ඩලයත් ඇවිත් සිටියා. ඒ නිසා රෝහණ වීරසිංහයන් මැදිරියේ තිබූ පියානෝව වෙතට ගොස් එය වාදනය කරමින් ක්ෂණිකව තනුව නිර්මාණය කර ස්වර ප්‍රස්තාරවලට ලියා මේ ගීතය පටිගත කරනවා. මේ ගීතය එඩ්වඩ් ජයකොඩි මහතා ප්‍රථම වරට ගුවන්විදුලියේ ගායනා කල ගීතයයි.

Σχόλια


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page