top of page
Search

කොලොම්තොටින් නැව් නැග්ගා

  • මාධව විජේසේකර
  • May 7, 2017
  • 1 min read

හඬ : ප්‍රදීපා ධර්මදාස

පද : රත්මලේ බන්දුල ගුණවර්ධන

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

කොලොම්තොටින් නැව් නැග්ගා අපේ රටේ මනුස්සකම කොලොම්තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට//

බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරු බුහුටිකමට නැවෙන් ඇවිත් කොලොම්තොටට ගොඩබැස්සා අපූරුවට අපේ ඇත්තෝ බෝනික්කන් මිලදී ගෙන කාසි වලට කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට

මව් තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය දුප්පතුන්ගේ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය කිරි දරුවන් විතරක් නොව මාරුවෙලා කාසිවලට කොලොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම

අපි කවදාද අහලා තිබුණේ අම්මලා තමන්ගේ දරුවන්ව විකුණන සංස්කෘතියක් ගැන? මේ ගීතයෙන් කියවෙන්නේ, 1977න් අපේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දීම නිසා අපේ රටේ වෙච්ච එක්තරා ඛේදවාචකයක් ගැන. ඒ ළදරු තවාන් (Baby Farm) කියන සංකල්පය. අපේ රටේ අම්මලා තමන්ගේ දරුවන් ව රැකගත් යුගයක් අවසන් වෙලා ඒ වෙනුවට තමන්ගේ දරුවන් විදේශිකයින්ට විකුණන යුගයක් මේ විවෘත ආර්ථික රටාවත් එක්ක පැමිණෙනවා.


1980 දශක‍යේ දේශපාලන විපර්යාසත් එක්ක මෙවැනි දේවල් සිද්ධවුණා. ඒවාට විරුද්ධවාදී අදහස් කියවෙන කලා නිර්මාණ රැසක් ඒ කාලයේ බිහිවුණා. මෙවැනි විරෝධාකල්ප ගීතත් ඒ කාලයේ නිර්මාණය වුණා. සමහර ගීත ඒ කාලයේ තහනම් වුණත් එක්ක. අපේ මේ ගීතය ගයන ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ ප්‍රථම කැසට් පටිය වන "දූවිල්ලෙන් සැදුණ ලියේ" තිබූ ගීත 12න් 6ක්ම ඒ කාලයේ තහනම් වුණා. මේ ගීතයත් ගුවන් විදුලි‍යේ විශාල ආන්දෝලනයකට ලක්වුණා "අමනකම" කියන වචනයත් එක්ක.


මේ ගීතය රචනා කල රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා තවත් ජනප්‍රිය ගීත රැසක්ම රචනා කරලා තියෙනවා.

  • වසන් කරන්නට බෑ මගේ සිත - මාලිනි බුලත්සිංහල

  • සිනා මල් ගොඩක් - අමරා රණතුංග සහ සෙව්වන්දි රණතුංග

  • මිටින් මුදා හැර බැලුවෙමි - අමරා රණතුංග සහ එඩ්වඩ් ජයකොඩි

ඉන් කිහිපයක් විතරයි.

Comentários


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page