top of page
Search

කැරකෙන රෝදේ

  • මාධව විජේසේකර
  • May 7, 2017
  • 1 min read

කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ...//

කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ...// කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ පමා වුනොත් අප මහමඟ තනිවේ අම්මා මඟ ඇති නෙත් හරවාගෙන තල්ලු කරන් පුතුනේ...//

ඉතාමත් අනුවේදනීය ගීතයක්. මේ ගීතය රචනා කරලා තියෙන්නේ සිරිල් සමරකෝන් නමැති අනුරාධපුර ප්‍රදේශයේ බස් කොන්දොස්තරවරයෙක්. පුදුම හිතෙනවා නේද? එහෙම කිව්වාම. ඔව් ඔහු දිනපතා රාජකාරි කරනකොට දකිනවා දෙපා අහිමි වූ පුද්ගලයෙක් කරත්තයක ඉන්න. ඔහුගේ රැකියාව කැඩුණු පාවහන් සහ කුඩ මැසීම. ඔහුගේ කරත්තය හැමදාම තල්ලු කරගෙන එන්නේ ඔහුගේ පුංචි පුතා.


මේ සංසිද්ධිය දකින විට ඔහුගේ හිතට නැගෙන අදහස ඔහු ලියනවා තමන්ට ඩිපෝවෙන් දීලා තියෙන ටිකට් රෝලේ. එහෙම ටිකට් රෝලක ලියවුණු පද රචනය තැපෑලෙන් එනවා ගුවන් විදුලි සංස්ථාවට. එයට මිහිරි තනුවක් යොදනවා කළණි පෙරේරාවන් විසින්. මේ ගීතය ගයන එඩ්වඩ් ජයකොඩි මහතා ඒ වෙනකොට මේ සිරිල් සමරකෝන් කියන්නේ කවුද කියලා දන්නේවත් නෑ. දැකලාවත් නෑ. ගීතයක් ලියන්න සමාජ තරාතිරම වැදගත් නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා නේද?

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page