සමකෝණී ත්‍රිකෝණයකි
- මාධව විජේසේකර
- May 5, 2017
- 1 min read


සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් තිදෙන
ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි සමකෝණී ත්‍රිකෝණයකි... සමච්ජේදනය කරලා දෙන්නට බැහැ පෙම බෙදලා අපි තුන් මුල්ලටම වෙලා
ඉමු මුහුණට මුහුණ බලා
සමකෝණී ත්‍රිකෝණයකි...
ත්‍රිකෝණ ප්‍රේම ගැන අපි ඕන තරම් ගීත අහලා තියෙනවා. ඒත් කාට ද පුළුවන් ගණිතමය විදියකට ඒ ගැන හිතලා ගී පද රචනාවක් ලියන්න? එහෙම නිර්මාණ ලෝකයේ තියෙනවද? ඔව්!!! වාසනාවකට අපේ රටේ එවැනි ජනප්‍රිය ගීතයක් තියෙනවා. ඒ මේ ගීතය. මේක ලියවුණු ආකාරය හරිම රසවත්.
1970 දශකයේ මුල් කාලයේ දී දවසක් සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් යනවා ගුවන් විදුලි සංස්ථාවට. ඒ ගිය විට එතුමාට මුණ ගැහෙනවා දයාරත්න රණතුංගයන්. ඒ වෙලාවේ දී එතුමා වීරසිංහයන්ගෙන් ඉල්ලීමක් කරනවා ගීතයක් රචනා කර දෙන මෙන්. ඉතින් සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් දන්නවා දයාරත්න රණතුංගයන් ගණිත විෂයට ඉතාම කැමති කෙනෙක් බව. ගෙදරට ඇවිත් කල්පනා කරනවා කොහොමද එවැනි ගීතයක් ලියන්නේ කියලා. මොකද්ද මේකට නිමිත්ත කරගන්නේ කියලා.
ඔහොම කල්පනා කරනකොට එතුමා දැක්කා එතුමාගේ නංගීගෙන් ගණිතය ඉගෙන ගන්න එන පුංචි දැරිවියක්, කඩදාසියක ත්‍රිකෝණයක් ඇඳලා එහි මැද තමන්ගේ නම ලියලා තියෙනවා. එක්වරම එතුමාට කල්පනා වෙනවා මේක ත්‍රිකෝණ ප්‍රේමයකට ඈඳලා ලිව්වොත් අපූරුයි නේද කියලා. ඒ නිසා දයාරත්න රණතුංගයන් වඩාත් කැමති ගණිතමය සංකල්පයකුත් ඔබ්බවා මේ ගීතය එතුමා අතින් රචනා වෙනවා. එතුමා පවසන පරිදි ලෝකයේම ජ්‍යාමිතිය සම්බන්ධ කරගෙන තැනුණු එකම ගීතය මෙයයි.
ගීතය අතිශයින්ම ජනප්‍රිය වෙනකොට සමහරු සමන් චන්ද්‍රනාත් මහතාගෙන් අහලා තියෙනවලු ගීතයේ එන අත්දැකීම එතුමාගේ ම ද කියලා. ඒවගේම ගීතය පටිගත කරනවිට තවත් අපූරු දෙයක් වෙලා තියෙනවා. ඒ තමයි මර්වින් ප්‍රියන්ත කියන දක්ෂ සංගීත ශිල්පියා මවුත් ඕගනය (Harmonica) නම් සංගීත භාණ්ඩය ප්‍රථම වරට ගීතයක් සඳහා වාදනය කිරීම.
Comentarios