top of page
Search

මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා

  • මාධව විජේසේකර
  • May 5, 2017
  • 1 min read

හඬ : ආචාර්ය දයාරත්න රණතුංග

තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු

පද : චන්ද්‍රසේන රංගේ

මල් පිපිලා මල් පිපිලා ජීවිත උයනේ මල් පිපිලා

ආත්මයේ දසන්තයේ සුවඳ ගලා ප්‍රාර්ථනා මල් පිපිලා ප්‍රාර්ථනා මල් පිපිලා මල් පිපිලා . මගෙ දෙතොලට ඔබෙ දෙකොපුල හිමි නැත මගෙ දෑතට ඔබෙ රතැඟිලි හිමි නැත එත් මගේ යුග දෙනෙතට උරුමයි කම් නැත මියුලැසියේ ඒ ඇති මට මගෙ නෙත් යුග පියෙන තුරා මල් පිපිලා . රෑ බඹරෙකු මා දකින වෙලාවක මධු පිරි මලකට ඇදෙන වෙලාවක ආශා රැහැනින් හදවත පිබිදෙයි කම් නැත මියුලැසියේ සිහින ලොවේදී මා ඔබ දකින තුරා මල් පිපිලා...

මේ ගීතය නිර්මාණය වෙන්නේ 1980 දශක‍යේ මුල් භාගයේ දී. එවකට ගුවන් විදුලියේ කාර්මික අංශයේ සේවය කල චන්ද්‍රසේන රංගේ නම් තරුණයා දයාරත්න රණතුංගයන් මුණ ගැසී කියනවා, "මට ගීත ලියන්න පුළුවන්. මම ඔබතුමාට ගීත කිහිපයක් ගෙනත් දෙන්නම් හොඳ නම් බලන්න" කියා. අවසානයේ දී මේ පද මාලාව තෝරාගත් රණතුංගයන්, තනු නිර්මාණය සඳහා එවකට ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ප්‍රධානියා වූ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතාට ලබා දෙනවා.


චන්ද්‍රසේන රංගේ නම් ගේය පද රචකයාගේ ගීත වල විශේෂත්වය නම් කුතුහලය, විශ්මයාර්ථය දනවන ගීත රචනා කිරීමයි. අමරා රණතුංග මහත්මිය ගයන "උපුලී" සහ "රාධා ක්‍රිෂ්ණා" ගීත ඊට උදාහරණ වේ.

コメント


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page