top of page
Search

ජය සිරිමහ බෝධී

  • මාධව විජේසේකර
  • May 5, 2017
  • 1 min read

හඬ : ආචාර්ය දයාරත්න රණතුංග

පද : චිත්‍රානන්ද අබේසේකර

තනුව : රෝහිත ව්ජේසූරිය

ජය සිරිමහ බෝධී රන්වැලි සෑ ආදී මිහින්තලය ඉසුරුමුණිය අවුකන සිරිපා හිමේ රන් රන්ගිරි දඹුළු ගලේ සරණයි නිදහසට හෙළේ

අනුරපුරය පොළොන්නරුව තිස්සමහාරාම නුවර රුහුණු පිහිටි මායා රට පවසයි නිදහස් පුරාන

මහවැලි කළු කැළණි නදී වලවේ ගිං සිසිල දිදී නිවහල් නව ගීත ගයයි නවෝදයට අසිරි පතයි

හැම ගහකම මල් පිපෙන්න තුරුවැල් හැම පල දරන්න තිසරණ සරණේ බලයෙන් අප සිරිලක රැුක දේවා

1978 නිදහස් උත්සවය වෙනුවෙන් තමා මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. පද රචනය චිත්‍රානන්ද අබේසේකර මහතාගෙන්. මේකේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ බුද්ධං සරණේ කියන තුන් සරණේ ජන ගීය ඇසුරින් රෝහිත විජේසූරිය මහතා විසින්. බිනරමලී ගීතය ගයන්නෙත් එතුමා තමයි. මේ පදරචනාව ලැබුණාම දයාරත්න රණතුංග මහතා චිත්‍රානන්ද අබේසේකර මහතාගෙන් අහලා තියෙනවා "ඇයි නිදහස් උත්සවයට මෙවැනි ගීතයක් රචනා කලේ කියලා". එතුමා දීලා තිබෙන පිළිතුර තමා "මේ සඳහන් වෙලා තියෙන සිද්ධස්ථාන වන්දනාමාන කරන්න යනකොට තමා අපිට ඇත්තටම නිදහසක් තියෙනවා කියලා දැනෙන්නේ කියලා".

留言


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page