top of page
Search

කිරි කවඩි සිනා

  • මාධව විජේසේකර
  • May 5, 2017
  • 1 min read

හඬ සහ තනුව : ආචාර්ය දයාරත්න රණතුංග

පද : ආචාර්ය අජන්තා රණසිංහ

කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ ඔබෙ අහංකාර බැල්මට බැඳි ආදරේ ආදරේ... ආදරේ... කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ

පුළුලු උකුල සිහිනිඟ සුඟ සුනිල උපුල දිගු නෙත් යුග සඳැස් කවක උපමාවක් යොදාලා පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා පෙම් කවක් ලියන්නෙමි පත් ඉරු පුරාලා කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ... නැකැත් අරන් මා එනතුරු හෙට කුකුළා හඬළන තුරු ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා අපි යන්න යමුද පෙම් ඔරුවක නැගීලා කිරි කවඩි සිනහ නොදැක බැඳුණු ආදරේ...//

1960 දශකයේ තමා මේ ගීතය නිර්මාණය වෙන්නේ. මේ ගීතය ඒ කාලේ නිතරම ප්‍රචාරය වෙන්න ගත්තා. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා දයාරත්න රණතුංගයන්ගේ ළබැඳි මිතුරෙක්. එතුමාට වඩා ටිකක් වයසින් වැඩියි. දවසක් ගුවන්විදුලියේ දී එතුමා දයාරත්න රණතුංගයන් අතින් අල්ලගෙන පැත්තකට අඬගහගෙන යනවා. ගෙනිහින් කියනවා, "දයා! ඔයා මේ වගේ ගීත ගයන්න එපා. මොකද ඔයා සාමාන්‍යයෙන් ගැඹුරු දේවල් කියවෙන ගීත ගයන්නේ. මේක සරල වැඩියි" කියලා. වැඩිහිටියෙකුගේ අවවාදයක් නිසා රණතුංගයන් මෙවැනි ගීත ටික කාලයක් නොගයා ඉන්නවා.


මේ අතරේ රණතුංගයන්ට පේරාදෙණිය සරසවියෙන් ප්‍රසංගයක් සඳහා ආරාධනා ලැබෙනවා. ඒ ප්‍රසංගයට සහභාගී වෙන්නේ අමරදේවයන්, දයාරත්න රණතුංගයන් සහ අමරා රණතුංගයන්. එතැන දී සරසවි සිසුන්ගේ දැඩි ඉල්ලීමට මේ ගීතය දයාරත්න ශූරීන්ට ගයන්න වෙනවා. ඉහළ ප්‍රතිචාර එයට හිමිවෙනවා. එවිට එතුමාට කල්පනා වෙනවා, "අපි හැමතිස්සේ ම එක අන්තයකට විතරක් ඉඳලා මදියි. තාරුණ්‍යටත් ගැලපෙන ගීත ගයන්න ඕන නේද" කියලා. ඉන්පසු එතුමා තවත් මෙවැනිම ගීත කිහිපයක් නිර්මාණය කරනවා.

Commenti


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page