top of page
Search

ඈත රන් විමන් දොරින්

  • මාධව විජේසේකර
  • May 6, 2017
  • 1 min read

හඬ : ප්‍රියා සූරියසේන

පද : ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව : ක්ලැරන්ස් විජේවර්ධන

ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී..// මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා...හහ හා හා හා හහ හා...

මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්...// මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා... රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..// අද රෑට අද රෑට අද රෑට දිලෙනවා... හහ හා හා හා හහ හා... ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී..// ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා... ඈත රන් විමන් දොරින්...//

මේ ගීතය කරන්න ලෑස්තිවෙලා ඉන්න කොට ගීතය නිර්මාණය වෙලා තිබුණේ නෑ. ප්‍රේමකීර්ති ද අල්විස් මහතා රාත්‍රී 9 ට ගුවන්විදුලියේ ප්‍රවෘත්ති විකාශය ඉවර කරලා හදිසියෙන් වගේ එනවා ස්ටූඩියෝ එකට. එතකොට ක්ලැරන්ස් විජේවර්ධයන් තනුව නිර්මාණය කරලා තිබුණේ. එතුමා ගිටාරයෙන් තනුව වයනකොට ප්‍රේමකීර්ති මහතා පියානෝව මත කඩදාසියක් තබාගෙන ක්ෂණිකව මේ ගීතයේ පද රචනාව කරනවා. විනාඩි 10-15 වගේ කාලයක් ඇතුළත පද මාලාව ලියලා ඉවරකරනවා.


මේ පද මාලාවේ අපූර්වත්වය තමා ප්‍රේමය පිළිබඳව හැඟීමක් ඇති කරන්නේ අවසාන පද දෙකේ දී වීම. එතෙක් විස්තර කරගෙන එන්නේ රාත්‍රී කාලයේ එන පරිසරයේ සුන්දරත්වය. අන්තිම පද දෙක අහනවාත් එක්කම අර සම්පූර්ණ අදහස ප්‍රේමයට අමුණනවා. ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ කොච්චර වටින ගී පද රචකයෙක් ද? ක්ෂණිකව නිර්මාණය කලත් ලියලා තියෙන අපූරුව.


මෙහි සංගීත භාණ්ඩ යොදාගෙන තියෙන්නෙත් ඉතාම අඩුවෙන්. උපරිමව භාණ්ඩ 4ක් වාදනය කලා කියලා ප්‍රියා සූරියසේන මහතා කියනවා. මෙහි ගිටාරය වයලා තිබෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධනයන්මයි. ගීතයේ ආරම්භක සහ අතුරු සංගීත ඛණ්ඩවල (Introduction / Interlude) වල ඇහෙන ගිටාර් කොටස පහල ස්වරවලින් වයා ඉහල ස්වරවලින් වයන්නේ දෙදෙනෙක් නොව ක්ලැරන්ස් විජේවර්ධනයන්මයි. ඩ්‍රම්ස් වාදනය කරලා තියෙන්නේ ශ්‍රීකාන්ත දසනායක මහතා විසින්.


සැක්සෆෝනය වයලා තියෙන්නේ රංජිත් පෙරේරා මහතා. එතුමාත් අපි අතර නැති දක්ෂ සංගීත ශිල්පියෙක්. එතුමාගේ පුත් මංගල පෙරේරා අද මේරියන්ස් සංගීත කණ්ඩායමේ ගායකයෙක් සහ සැක්සෆෝන් වාදකයා ලෙස කටයුතු කරනවා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page