top of page

හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ

  • May 5, 2017
  • 1 min read

තනුව සහ හඬ : සෝමතිලක ජයමහ

පද : විජයසිරි අමරතුංග

හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ ම‍ගේ පාළු පැලට එන්න කවුරුත් නැ යාළුවේ...//

පිපි කු‍සුමෙහි රන් මුවරද නිති පිනවින් සේමා නිතිගෙ කිරණ වැද රඟදුන් පැණි සමනල සේනා සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී ගැයූ...// හැමදාමත් යාළුවේ...// සව්සිරි සැම මා අතහැර අද වෙනතක රැදිලා මින් මතු තනිකම තනියට මගෙ පැලතුල රැදිලා බිතු සිතුවම් රූ වැනි ඔබ කොතැන ද මිතු‍රනි...// හැමදාමත් යාළුවේ...//

මේ ගීතය රචනා කරලා තියෙන්නෙත් අර "ආදරයේ උණුසුම ළඟ" ගීතය රචනා කරපු විජයසිරි අමරතුංග මහතාමයි. ආදරයේ උණුසුම ළඟ ගීතය ප්‍රචාරය වුණාට පස්සේ එතුමා මේ ගීතය තැපෑලෙන් එවනවා. හැබැයි මේ අපි දකින විදියට නම් නෙමෙයි. ඒ පද මාලාවේ යම් දෝෂ සහගත තත්ත්වයක් තිබුණ නිසා ජයමහ ශූරීන් නැවත මේක යවනවා වචන සංශෝධනය කරලා දෙන්න කියලා. ඊට පස්සේ දැන් අපි මේ අහන දකින විදියට හරිගස්සලා එව්වාම තමයි, එතුමා තනුව යොදලා ගායනා කලේ.


මේකේ කියන්නේ අපිට ළඟින්ම ඉන්න යාළුවෝ අපිව අතහැරලා ගියාම අපිට කොච්චර තනිකමක් දැනෙනවා ද? සමහරවිට අපිට කරදරයක් වෙච්ච වෙලාවට අපේ ළඟ හිටපු අය අපිව දාලා යනවා. ඒ අත්දැකීම ජයමහ ශූරීන්ටත් තියෙනවා. එතුමා වැඩසටහනක දී කිව්වා, "කාලයක් මම රැකියාවෙන් බැහැරව වසරක් විතර හිටියා. ඒ කාලයේ මම පාරේ යනකොට මගේ ළඟින් ම හිටපු හොඳම යාළුවෝ මාව දැක්කාම පාරේ අනික් පැත්තෙන් ගියා" කියලා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page