සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
- May 5, 2017
- 1 min read


සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් කාලය කවුළු දොරින් මිය යනවා..// සැන්දෑ අහසේ...
ඈත අතීතෙන් පියවර නඟමින් කණවැල අල්ලන් කවුදෝ එනවා.. බලාපොරොත්තුව ළයට තුරුල් වී ඈ එන පෙර මඟ බලා සිටිනවා.. සැන්දෑ අහසේ... දුකට මිහිර දෙන පාලුව තනිකම මා වට දැවටී කඳුළු සලනවා.. අදත් එදා මෙන් නුපුරුදු සුවඳක් ඒ අතරේ මා වෙතට ඇදෙනවා.. සැන්දෑ අහසේ...
1960 දශකයේ අග භාගයේ තමයි මේ ගීතය රචනා වෙන්නේ. මේක අතට ලැබුණාම දයාරත්න රණතුංග ශූරීන්ට මතක්වෙන්නේ ජීවිතයේ සැන්ඳෑ සමය කියලයි. ඒ බව පද මාලාව බැලුවාම ඔබටත් තේරෙනවා ඇති. ඉතින් එතුමාගේ සිතට දැනෙනවා සැන්දෑ කාලයේ දී ගයන්න හොඳම රාගය. අපි බොහෝ අවස්ථාවල දී කතා කරපු යමන් කළ්‍යාණි රාගය එතුමා මෙතනදී ත් යොදා ගන්නවා. ඉතින් ප.ව. 6 සිට ප.ව. 9 දක්වා කාලයේ දී මේ ගීතය ඇහුවාම අපිට හරියටම මේ ගීතයේ නියම රසය දැනෙනවා.
මේ ගීතය රචනා කරපු සුනිල් සරත් පෙරේරා මහතාගේ ආදරණීය බිරිඳ සරෝජිනී පෙරේරා මහත්මිය ටික කාලයකට උඩදි අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒකෙන් එතුමා බොහෝ කම්පාවට පත්වුණා විතරක් නෙමෙයි තනිකම පාළුව එතුමාගේ ජීවිතයට ගොඩක්ම ළංවුණා. ඒ නිසාම එවැනි අවස්ථාවල දී මේ ගීතය එතුමා ශ්‍රවණය කරලා චිකිත්සාවක් කරගන්නවා කියලා එතුමා වරෙක දයාරත්න රණතුංගයන්ට ප්‍රකාශ කර තිබෙනවා.
යමන් කළ්‍යාණි රාගය ඇසුරු කර නිර්මාණය වූ තවත් ගීත කිහිපයක්.






































Comments