top of page

මා එදා - හිතුවොත් හිතුවාමයි (1977)

  • May 5, 2017
  • 2 min read

හඬ : ඇන්ජලින් ගුණතිලක

පද : ඔගස්ටස් විනයාගරත්නම්

තනුව : සරත් දසනායක

මා එදා දෑසින් සනහා ඔබ දුන් කැල්මන් හද රැදුනා අද එනවයි ඔබ දිව්රා ගියා....//

මන් දැන් ඉන්නේ ආශා ගීතේ කොදුරා රන් වන් රන් රේඛා මැද සිහිනේ සගවා වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා වාසනා මල් නෙලා කිව දේ ගැන හිතා නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා

මා එදා ....

එක්‌වන් වීලා මහාදේ රහසක් සගවා යන්තම් වත් මා නෑඔබ ගාවින් ඉදල දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා දෑත දී ලංවෙලා අායේ දැන් තනි උනා නාවේ ඇයි නාවේ ඇයි ආදරේ සොයා

මා එදා ....

මේ ගීතය ඇතුළත් වුණේ ලෙනින් මොරායස් මහතා අධ්‍යක්ෂණය කල "හිතුවොත් හිතුවාමයි" කියන චිත්‍රපටියේ. ඉතින් මේ පද මාලාව ඇන්ජලින් ගුණතිලක මහත්මියට මුලින්ම ලැබුණාම එතුමිය මුලින්ම හිතලා තියෙන්නේ, මේක දුක් ගීතයක් කියලා. ඉතින් එහෙම කියලා හිතාගෙන ඇය පටිගත කරන දවසේ දී කැළණිය සරසවි චිත්‍රාගාරයට යනවා. දැන් ගීතය පටිගත කරන්න පටන්ගත්තා. සංගීත අධ්‍යක්ෂණය කරපු සරත් දසනායක මහතාත් Cubical එකට වෙලා ඉන්නවා වැඩේ හරියට යනවා ද කියලා බලන්න.


ඇන්ජලීන් මහත්මිය ගයන්න පටන් ගත්තා හැබැයි අර දුක් ගීයක් කියලා හිතා ගෙන ඒ හැඟීමෙන්. එකපාරටම සරත් දසනායක මහතා පුටුවෙන් නැගිටලා එනවා. දැන් ඇන්ජලීන් මහත්මිය බයේ ගැහෙනවා මොන වරදක් හොයන්න ද මේ එන්නේ කියලා. ළඟට ඇවිත් සරත් දසනායකයන් ඉතාම ආදරෙන් කියනවා ඇයට "ඇන්ජී, මේක දුක් ගීතයක් වෙන්න බෑ. මේකේ දුකයි සතුටයි බලාපොරොත්තුවයි කියන හැඟීම් තුන ම එන්න ඕනේ" කියලා. ඊට පස්සේ හරියට ම ඒ හැඟීම් එන විදියට ඇය ගයනවා.


මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ මේකයි. සරල ගී වැඩසටහන් වලට ගීත ගයනවා වගේ නෙමෙයි චිත්‍රපටියකට පසුබිම් ගායනය කරන එක. ඒ ගීතය අඩංගු දර්ශනය, රඟපාන නළු නිළියන් සහ මොනවගේ හැඟීම් ද උද්දීපනය වෙන්න ඕනේ කියන එක චිත්‍රපටි පසුබිම් ගායන ශිල්පියෙක් හෝ ශිල්පිණියක් දැනගත යුතුමයි කියන එක. ඉතින් ලංකාවේ වැඩිම චිත්‍රපට පසුබිම් ගීත ගණනකට ගායනයෙන් දායක වූ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ඒ අත්දැකීම කොච්චර වටිනවාද?

හිතුවොත් හිතුවාමයි චිත්‍රපටිය ගැන සැකෙවින් :

  • තිරගත වූ දිනය – 1977 අප්‍රියෙල් 06

  • ඉදිරිපත් කිරීම – ඒ. ඒ. එන්ටප්‍රයිසස්

  • නිෂ්පාදනය – ඇල්බට් පේජ්, ලුසී පේජ්

  • අධ්‍යක්‍ෂණය හා කැමරාව මෙහෙයවීම - ලෙනින් මොරායස්

  • කතාව, තිර නාටකය හා දෙබස් - ඔගස්ටස් විනයාගරත්නම්

  • සහාය අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ග්‍රෙගරි

  • සංස්කරණය – එම්. පී. රූපසේන

  • වේශ නිරූපණය - කේ. සුබ්බු

  • කලා අධ්‍යක්‍ෂණය හා නාමාවලිය - ජේ. ඒ. වින්සන්ට්

  • සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

  • නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

  • සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය

  • ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, එස්. සාරංග රාජා

  • රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

  • නිෂ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම්

  • නිෂ්පාදන කළමනාකරු - ඩබ්ලිව්. ඇම්. කේ. වෛද්‍යාරච්චි

  • සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත :

  • චුක්කි චුක්කි චුක්කි කියලා - වික්ටර් රත්නායක, ලතා වල්පොල (ඔගස්ටස් විනයාගරත්නම්)

  • ශ්‍රී ලංකාවේ ලස්සන - ඩෙස්මන් ද සිල්වා (ඔගස්ටස් විනයාගරත්නම්)

  • මා හඬනා සැනෙහි – ලතා වල්පොල (ඔගස්ටස් විනයාගරත්නම්)

  • ගුම් නද ගුම් නද ගුම් නද – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

  • ආදර කිතියෙන් හද - ලතා වල්පොල (ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

  • මා එදා දෑසින් – ඇන්ජලින් ගුණතිලක (ඔගස්ටස් විනයාගරත්නම්)

  • ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන

  • ගීත තැටි - සිල්වලයින්

නළු නිළියන් :

  • විජය කුමාරණතුංග (මංජු, රොහාන්, චුක්කි)

  • මාලිනී ෆොන්සේකා (අප්සරා, කන්‍යා සොයුරිය)

  • ශ්‍රියානි අමරසේන (සුමාලි)

  • ඩොමී ජයවර්ධන (පින්ටෝ)

  • ජෝ අබේවික්‍රම (අල්විස්)

  • ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (ඇලෙක්ස්)

  • පියදාස ගුණසේකර (පින්ටෝගේ ගෝලයා)

  • එඩී. ජයමාන්න

  • රුක්මණී දේවි

  • ඩී. ආර්. නානායක්කාර

  • ඩඩ්ලි වානගුරු

  • රූබි ද මෙල්

  • රීටා රත්නායක

  • ශාන්ති ලේඛා

  • රෙක්ස් කොඩිප්පිලි

  • බොනී රොබට්ස්

  • රොනලඩ් ෆොන්සේකා

  • විජය හෙට්ටිආරච්චි

  • වින්සන් කරුණාරත්න

ප්‍රදර්ශනය : රිට්ස් ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය අරඹන ලදී.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page