ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
- May 5, 2017
- 1 min read

පද : ගාමිණී ලේල්වල
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//
හිතැඟි කළඹ කැටයම් කල නීල පළිඟු ගොළු කැඩපත..// හද බිතුතල සිතුවම් කල රූ දොඩමලු මුව රඟහල...
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//
තුරුණු බමර ආයාචන අභියස පත්තිනි කෝවිල..// මගේ පෙමින් කුළු ගැන්වුණ ගී මුමුණන ගීත බුබුල..
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//
මම ගොඩක්ම ආස මේ ගීතය රචනා කරලා තියෙන්නේ ගාමිණී ලේල්වල මහතා. එතුමා අතින් තවත් හරිම ලස්සන ගීත ගණනාවක් රචනාවෙලා තියෙනවා. ඉතින් මේ ගීතයත් 1980 දශකයේ එතුමා අතින් ලියලා ගුවන්විදුලි සංස්ථාවට එවනවා. ඇත්තටම ඉතාම වටිනා චරිතයක්. ස්වයංපූර්ණ චරිතයක් කියලා හඳුන්වන්න පුළුවන්. ආරංචියේ හැටියට එතුමා තාම ජීවතුන් අතර ඉන්නවා ජීවන ගමනේ 70ත් සම්පූර්ණ කරමින්. හැබැයි බොහෝ කාලයකට ඉහතදී සිදුවූ රිය අනතුරක් නිසා එතුමා ඉන්නේ යම් පාදයේ අංශභාග රෝග තත්ත්වයෙන් ඔත්පළව කියලයි මට හොයාගන්න ලැබුණේ. නමුත් තාමත් එතුමා නොපසුබට වීර්යයෙන් තමාගේ කලාකෘති පොතක් මගින් එළිදැක්වූවා කියලා දැනගන්න ලැබුණා. කොච්චර වටිනවාද ?
මේ ගීතය මගේ හිත් ගත්තේ තනුව නිසයි. මේ ගීතයෙන් කියවෙන්නේ, යම් ආකාරයක උද්දාමයක් එහෙම නැත්නම් ප්‍රමෝදයක්. නමුත් මේ ගීතයේ ශෘතියට ආචාර්ය රණතුංගයන් යොදාගෙන තියෙන්නේ A Minor (Am) කියන Chord එක. එතුමා සර්පිනාව යොදාගෙන තමයි මේ ගීතයට තනුව නිර්මාණය කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් Minor Chords වලින් කරන්නේ ගොඩක්ම දුක වගේ හැඟීම් ඇතිකරවන එක. නමුත් මෙතනදී ඒකෙන් ප්‍රමෝදය, යටගියාවක් නැවත ඇතිවන ආකාරයට තනුව යොදලා තියෙනවා. ගීත ලියන්න, කවි ලියන්න වගේ හැඟීම් ඇතිවෙන්නේ ඇගේ නෙත්වලින්.






































Comments