top of page

ආදරයේ උණුසුම ළඟ

  • May 5, 2017
  • 2 min read

හඬ : සෝමතිලක ජයමහ

තනුව : අමරසිරි පීරිස්

පද : විජයසිරි අමරතුංග

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ //

තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ... ‍දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ...

මේ ගීතය ගයන සෝමතිලක ජයමහ ශූරීන්ගේ ගම් පළාත කුලියාපිටිය නක්කාවත්ත. ඉතින් එතුමා රාජකාරීයට කොළඹ එනකොට බස් එක ගන්නේ කුලියාපිටියෙන්. දවසක් ඔහොම බස් එකට නගින්න ඉන්නකොට, එක්තරා තරුණයෙක් එනවා ඒ පළාතෙම. ඇවිත් අපේ ජයමහ ශූරීන්ට කියනවා, "මම ගීත ලියනවා. මම කැමතියි මගේ ගීත ඔබතුමාට ගයන්න දෙන්න කියලා." "හා එවන්න බලන්න" කියලා එතුමා කියනවා. ඉතින් එතුමාගේ අතට ගීත 15ක් විතර ලැබෙනවා. මේ අතරේ තිබුණු මේ පද රචනාවට එතුමාගේ හිත්ගන්නවා. මේ ගීත ලියපු තරුණයා තමයි විජයසිරි අමරතුංග කියන්නේ. එතුමා ලියපු ගීත දෙකක් ජයමහ ශූරීන් ගයනවා එකක් මේ ගීතය අනෙක "හැමදාමත් යාළුවේ" ගීතය. ඉතිං මේ ගීත 15ම ලිපිගොනුවක දාලා ජයමහ ශූරීන් ළඟ තියාගෙන හිටියා.


ඉතින් ඒ දවස්වල තිබුණ සරල ගී වැඩසටහනකට ජයමහ ශූරීන්ට ගීත 6ක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ වෙනකොට ගීත 5යි හදලා තිබුණේ. මේ අතරේ ජයමහ ශූරීන්ට ආරංචි වෙනවා තමන්ගේ පියා අසනීප වෙලා කියලා. වැඩසටහනට තව දවස් 4ක් වගේ තියෙන්නේ. තාත්තා බලන්න ගමට යන්නත් ඕන. 6වෙනි ගීතයක් ලියන්න වෙලාවකුත් නෑ. එතුමාට මතක් වෙනවා අර ලිපි ගොනුවේ තිබුණ මේ පද රචනාව. ලිපි ගොනුවෙන් මේ ගීතය ලියපු කොලේ අරගෙන ගෙනිහින් අමරසිරි පීරිස් මහතාට දෙනවා "මම තව දවස් 4 - 5 කින් එනවා. මේ ගීතයට තනුවක් දාලා තියන්න" කියලා.


ගමට ගිහින් ඇවිත් ජයමහ ශූරීන්, පීරිස් මහතාව මුණගැහෙනවා. එතුමා මේ ගීතයට මුල දී තනුව යොදලා තියෙන්නේ දාදරා තාලය (3/4 Beat) ට අනුව සෙමින් රිද්මයක් ඇති ගීතයක්. නමුත් ජයමහ ශූරීන්ට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රසංගවල ගායනා කරන්න පුළුවන් 6/8 වේග රිද්ම ගීතයක්. ඉතින් එතුමා කිව්වා ම "අමරේ මම බලාපොරොත්තු වුණේ 6/8 ගීතයක්. ඔයා දාලා තියෙන්නේ 3/4 තාලයේ තනුවක්. බැරිද අපිට මේක වෙනස් කරන්න?" කියලා, අමරසිරි පීරිස් මහතා ඉතාමත් නිහතමානී ව "හරි හරි ප්‍රශ්නයක් නැහැ. අපි වෙනස් කරමු" කියලා නැවත 6/8 වේග රිද්මයකට අලුත් තනුවක් යොදනවා. සාමාන්‍යයෙන් මේක හරිම අසීරු දෙයක් සංගීතඥයෙකුට. තමන් මහන්සිවෙලා හදපු තනුව, ආපහු මුල ඉඳලා වෙනස් කරනවා කියන්නේ එපා වෙන වැඩක්. නමුත් අමරසිරි පීරිස් මහතා, ඉතාම නිහතමානී ව ඒ දේ කලා. ඒ නිසාම ද කොහෙද මේ ගීතය ජනප්‍රිය වෙලා තියෙන්නේ. සමහරවිට අර තාලයෙන් හැදුණා නම් මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතන්නත් අමාරුයි.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page