top of page
Search

හදේ කොතැනක හෝ

  • මාධව විජේසේකර
  • May 4, 2017
  • 1 min read

හඬ : සුනිල් එදිරිසිංහ

පද : කුමාරදාස සපුතන්ත්‍රී

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

හදේ කොතැනක හෝ හිඳී ඔබ නිදා නොනිදා මෙන් බලා අවසර සොයා කල් දැන වෙළා හස රැහැනින් පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් සිතිජ රේඛාවේ මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ තළා මා සිත පලා ගිය ඔබ දවලයි මා - අද තනි වෙනා මොහොතින් උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර යදින්නම් - ඔබ මැකී යනු මතකින්

මේ ගීතයේ තනුව යොදලා තියෙන්නේ, උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන යමන් කළ්‍යාණි රාගය ආශ්‍රිතවයි. ඇත්තටම මේ ගීතයෙන් කියවෙන්නේ, ප්‍රේමයෙන් වෙළී සිට තමන්ව අතහැර ගිය පෙම්වතිය නිරතුරු මනසට නැගෙන මිනිසෙකුගේ කතාවයි. ස්ථායී කොටසේ කියන්නේ, ඔහු නිස්කලංකව ඉන්න මොහොතක ඔහුගේ හදවතේ කටු අනින්නා සේ මේ පැරණි පෙම්වතියගේ මතකය ආවර්ජනය කරනවා. හරියටම තමන් දැහැන්ගත වෙලා ඉන්න මොහොතක ඇයව මනසේ ඇඳී ඔහුට හිනාවෙනවා. නමුත් මේ පුද්ගලයාට ඒක හොඳ දෙයක් විදියට පේන්නේ නෑ. ඇයි? ඒ බව අපිට පළවෙනි අන්තරා කොටසින් කියනවා.


ඉර පායාගෙන ඇවිත් හවසට ක්ෂිතිජයේ නොපෙනී ලෝකයම අඳුරට ගෙන යනවා මෙන් ඔබත් මගේ ජීවිතයට පායාගෙන ඇවිත් මගෙන් වෙන්වෙලා ගිහින් මාව අඳුරේ ගිල්වලා තිබෙන්නේ. දෙවනි අන්තරා කොටසින් කියන්නේ, මට එහෙම කරපු ඔබෙන් මම යදිනවා උතුම් වූ ප්‍රේමයේ නාමයෙන්, මගේ මතකයෙන් මැකී යන්න කියලා. ආයේ මතකෙටවත් එන්න එපා කියලා තමයි කියන්නේ.


ඉතින් මේකට තනුව යොදලා තියෙන්නේ යමන් කළ්‍යාණි රාගය ඇසුරු කරලා කියලා මුලදිම මම කිව්වානේ. ඉතින් මේකට එහෙම තනුව යොදන්න ඇත්තේ, යමන් කළ්‍යාණි රාගයේ ගායන සමය යෙදිලා තියෙන්නේ, ප.ව. 6 සිට ප.ව. 9 දක්වා. දවසේ ඒ වෙලාවට ඒ රාගයේ ස්වර සංගතිය (Notes Arrangement) හොඳට හදවතට දැනෙනවා. ඉතින් මේ ගීතයත් ඒ වෙලාවට අහලා බැලුවොත් ඔබටත් ඒ හැඟීම දැනේවි කියලා මම හිතනවා. මේ රාගය ගැන වෙනම විස්තර මම පස්සේ දාන්නම්. මේ රාගය ඇසුරු කරලා නිමවූ තවත් ගීත 4 ක් මම මෙහි පළ කරනවා. ඔබත් ඒ වෙලාවට ඒ ගීත අහලා බලන්න.


Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page