top of page
Search

මහ වරුසාවට පසුව නැගෙන සඳ

  • මාධව විජේසේකර
  • May 4, 2017
  • 1 min read

හඬ : සෝමතිලක ජයමහ

පද : සුනිල් සරත් පෙරේරා

තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ

මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි අප හදවත් බැඳි සොදුරු සෙනේ... අද නොදකින ඔබ හෙට දකිනා තුරු මඟ බලමින් මා සිත ලතැවේ... මහ වරුසාවට...// ඔබ මට හමුවුන මල්බර මාවත වෙනදාටත් වැඩියෙන් සුවදයි... විටකදි නැගුනත් සැක බිය ශෝකය පිවිතුරු සෙනෙහස අද උතුරයි... මහ වරුසාවට...//


මේ ගීතය රචනා කල සුනිල් සරත් පෙරේරා මහතා එවකට සේවය කලේ ක්‍රීඩා අමාත්‍යාංශයේ. ගීතය ගායනා කරපු සෝමතිලක ජයමහ මහතා එවකට සේවය කලේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ. එතුමා වෘත්තියෙන් ලිපිකරුවෙක් ලෙස පටන් අරන් පරිපාලන නිලධාරියෙක් ලෙස විශ්‍රාම ගිය අයෙක්, බොහෝ දෙනා නොදන්නවා වුණාට. නමුත් එතුමාත් සංගීතය හදාරපු කෙනෙක්.


ඇත්තටම මේ ගීතය පෙරේරා මහතා රචනා කරලා තිබුණේ වෙනත් ගායකයෙකුගේ සරල ගී වැඩසටහනක් සඳහායි. නමුත් මේ අතර වාරයේ අපේ සෝමතිලක ජයමහ ශූරීන්ටත් සරල ගී වැඩසටහනක් තිබුණා. මේ අතරවාරයේ තමයි දිනක් සුනිල් සරත් පෙරේරා මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැඩකට එනවා. ඒ ආපු අවස්ථාවේ දී මේ දෙදෙනා මුණ ගැහෙනවා. ආපනශාලාවට ගිහිල්ලා තේ එකක් එහෙම බීලා, ටිකක් කතා කර කර ඉන්නකොට පෙරේරා මහතා කියනවා "මට හදිස්සියි දැන් යන්න ඕන. මෙන්න මේ ගීතයක් තියෙනවා ඒකත් දීගෙන යන්න ඕන." කියලා. ජයමහ ශූරීන් පද රචනාව ඉල්ලගෙන බලනවා. බැලුවට පස්සේ මේ ගීතයට පුදුම ආසවක් වගේම අර ගායකයාට දෙන්න ලෝබකමක් ඇතිවුණා. "අනේ මේක මට දෙන්න. අර ගායකයාට වෙන එකක් ලියලා දෙන්න." "නෑ. නෑ. මේක අද මම එයාට දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ." කියලා පෙරේරා මහතා කියනවා. නමුත් අවසානයේ දී ජයමහ ශූරීන්ගේ බලවත් පෙරැත්තය නිසාම මේ ගීතය එතුමා අත්පත් කරගන්නවා සුනිල් සරත් පෙරේරා මහතාගෙන්.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page