වළා අතුළ සිරි යහනේ - දළ රළ පෙළ
- මාධව විජේසේකර
- May 3, 2017
- 1 min read



වළා අතුළ සිරියහනේ
උණුසුම් හිරු කෙඳි පොරවා,
ඉන්ද්‍රචාප කුමාරයා....
නිදා වැටෙනවා
මල් සුඝන්ධයෙන් නැළවෙන
ලතා මඩුල්ලේ ලැගගෙන
රෑන් රෑන් සියොතුන් ගී....
සින්දු කියනවා
ජීවිතය වගේ මුමුණන
ආදරය වගේ දිලිහෙන
දිය තරංග පොකුරක්
එළියෙන් නලියනවා.....
නොදරුවෙකු අතින් බොඳවුණ
සිතුවමක් ලෙසින් සුන්දර,
පාට රෑනකින් දස අත ....
රටා වියනවා
කිරි වැදී නටන ගොයමට
මිහිදුමින් වැටුණ පිනිකැට
රන් දමක් වගේ ගෙලවට...
රනින් දිලෙනවා
හෙටක් ගැන යමක් නොදකින
හෙටක් තිබෙදි නොසිතන
කෙනෙක් මධූ විතක් තොල් අග.....
තවර ගන්නවා
වලා අතුල සිරියහනේ...
1990 දශකයේ අග භාගයේ දී (මට අවුරුද්ද නම් මතක නෑ. සමහරවිට 1997/98 කාලයේ දී) ජාතික රූපවාහිනියෙන් විකාශය වූ දළ රළ පෙළ ටෙලිනාට්‍යයේ ඇතුළත් වූ මේ ගීතය කාටත් මතක ඇති. සමිතා මුදුන්කොටුව එහෙම රඟ පෑ මේ ටෙලිනාට්‍යය හරිම ආදරයෙන් අපි කවුරුත් වැළඳ ගත්තා. ඇත්තටම මේ කතාව 1981 වසරේ දී රාජ්‍ය සම්මාන දිනූ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ දළ රළ පෙළ නවකථාව ඇසුරින් තමා බිහිවුණේ.
ලංකාවේ ගීත ඉතිහාසය ගත්තාම අර්ධ ස්වර (Semitones) භාවිතා කරමින් නිර්මාණය වුණු ගීත ඉතාම අඩුයි. සංගීතය හදාරන, ඒ ගැන උනන්දුවක් දක්වන අයෙකුට මේ ගීතය එසේ නිර්මාණය වුණු ගීතයක් හැටියට හඳුනාගන්න පුළුවන්. මේ තනුවට කේමදාසයන් ඒ ස්වරූපය එක් කරලා තියෙනවා. එතරම් විශාල Chords පරාසයක නොගියත් ඒ ප්‍රධාන ස්වර ගොනුවේ තිබෙන ස්වර සියල්ලම ඇසුරු කර තිබෙනවා.
ඒ වාගේම Chromatic Scale නමැති බටහිර සංගීතයේ එන ස්වරූපය, එහෙමත් නැත්නම් ස්වර ළඟ ළඟ ක්ෂණිකව වාදනය කිරීම මෙහි ඇති තනුවේ විශේෂත්වයක්. පියානෝව ඒ සඳහා කේමදාසයන් භාවිතා කර තිබෙනවා. ගීතයේ අතුරු සංගීත ඛණ්ඩවල (Interludes) ඒ බව දකින්න පුළුවන්. Chromatic Scale පියානෝවෙන් වයන හැටි මේ වීඩියෝවෙන් බලන්න.
දළ රළ පෙළ ටෙලිනාට්‍ය ගැන සැකෙවින් දැන ගන්න මේ වීඩියෝවෙන් පුළුවන්.
Comments