top of page

ලා ඉරෙන් ඉල්ලා

  • මාධව විජේසේකර
  • May 3, 2017
  • 1 min read

හඬ : විශාරද නීලා වික්‍රමසිංහ

පද : ගාමිණී විජේතුංග

තනුව : නිමල් මෙන්ඩිස්

ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා

සීතලේ පින්නේ පීදිලා

මාලති සිනා මල් ලන්දේ ගම්මැද්දේ

තාම මට සුවඳයි සේ එදා


මාල ගිරවුන්ගේ අතුපතරේ හැන්දෑවේ

බාල වසු පැටියෝ නාඬන්නේ

නීල නළ රැල්ලේ මුතු ලැල්ලේ පාවෙනා

මා කෙසේ එම්දෝ ඉතින් අනේ...


අම්මේ.... ඔබ තුරුලෙන් වෙන්වෙලා...

යන්නේ... සිත ඔබ ළඟ රඳවලා...

මා... රෑ සිහිනෙන් සෑමදා...

ගම් පියසෙන් ගී ගයා...

ඔබ නින්දෙන් ඇහැරවා...

සැඟවී යන්නේ...

ලා ඉරෙන් ඉල්ලා...


නාඬන්... දූ ගැන කඳුලැල් සලා...

සීනෙන්... ඈ ඔබ ළඟමයි සදා...

මා... එනතුරු හෙට ගම්බලා...

අම්මා ඇත මග බලා...

සියතුනි නොරැඳී කැලේ...

ඈ සනහන්නේ...


1980 දශකයේ නීලා වික්‍රමසිංහයන්ගේ රන් ටිකිරි සිනා කැසට් පටයට තමා මේ ගීතය නිර්මාණය වෙන්නේ. එකිනෙකට වෙනස් තාල රූප දෙකකින් සමන්විත තනුවක් නිමල් මෙන්ඩිස් මහතා යොදලා තිබෙනවා.



Comentários


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page