top of page
Search

දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ

  • මාධව විජේසේකර
  • May 3, 2017
  • 2 min read

හඬ : විශාරද නීලා වික්‍රමසිංහ

පද : ගාමිණී විජේතුංග

තනුව : නිමල් මෙන්ඩිස්

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ.. දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ.. සවන් පිරූ සත්සර මැද්දේ.. ඔහුගෙ ගී හඬ මට ඇසුනේ.. මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ... මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

කලබල නගරේ යද්දී මද්දහනේ.. නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ.. සවන් පිරූ රිය හඬ මැද්දේ.. ඔහුගේ ගී හඬ හිත රැදුනේ.. මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ... මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ.. ඇයි හිත රිදවන්නේ - කිසිවක් නොකියන්නේ.. ඔහු අත වෙනතක බැඳලා දෝ නෑ දන්නේ කොතැනද නවතින්නේ - කවුදෝ දන්නේ...//

දවසක් දා රෑ වසන්ත...

මෙහි සංගීතය 1960 දශකයේ ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වූ Rock and Roll සංගීත ශෛලිය තිබෙනවා. එතුමාගේ බොහෝ තනු නිර්මාණවල තිබුණේ එකල ලාංකේය සංගීතයේ නොතිබුණ වින්‍යාසයක්. බටහිර සංගීතයේ ආකෘතියකට අපේ රටේ අනන්‍යතාවන් එක්කරපු අපූරු සංගීතඥයෙක් හැටියට එතුමා ව දකින්න පුළුවන්.


Rock and Roll සංගීත ශෛලිය අපිට ගොඩක් හඳුනාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමා back-beat එක. ඒ කියන්නේ පසුබිමෙන් නොකඩවා තාලයක් වාදනය කෙරෙනවා. ඒක ඩ්‍රම්ස්වලට අමතරව වාදනය වෙන්නේ. උදාහරණයක් හැටියට පසුගියදා මියගිය Rock and Roll සංගීත ශෛලියේ පියා හැටියට විරුදාවලිය ලත් Chuck Berry ගේ ගීත හොඳින් සාවධානව ඇහුවොත් ඔබට මෙය නිරීක්ෂණය කරන්න පුළුවන්. බොහෝ වෙලාවට පියානෝවෙන් මේක වාදනය වෙනවා. කාටත් බලන්න උදාහරණ දෙකක්ම ඔන්න දැම්මා.


ඉතින් මේ දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ ගීතයේ එවැනි පසුනාදයක් ඇහුනේ නැති වුනත් ඒ ශෛලිය ගැබ්වෙලා තියෙන බව හොඳින් ඇසුවොත් පෙනේවි.


අනිත් එක තමා නිමල් මෙන්ඩිස් මහතාගේ තනුවල තවත් අපූරු ලක්ෂණයක් නම් අනෙක් අය යොදානොගත් ආකාරයට සිතාරය භාවිතා කිරීම. සාමාන්‍යයෙන් එය පෙරදිග රාගධාරී සංගීතයේ තත් භාණ්ඩයක් හැටියට සමාජගත වුණාට, එහි භාවිතාව වඩාත් තීව්‍ර ලෙස යොදාගත් අවස්ථාවක් මේ ගීතය. පොඩි සංගීත ඛණ්ඩයක් (Bit parts) සඳහා යොදානොගෙන සිතාරය counterpart එකක් විදියට තමා වාදනය කෙරෙන්නේ. ඒක බටහිර සංගීතයේ එන සංකල්පයක්. Counterpart එකක් කියන්නේ එක voice එකක් තවත් voice එකකට උපකාරී වන අයුරින් වාදනය කිරීම. මෙහිදී නීලා වික්‍රමසිංහ මහත්මියගේ හඬට උපකාරී වෙන අයුරින් සිතාරය වාදනය වෙන ආකාරය ඔබත් හොඳින් නිරීක්ෂණය කර රසවිඳින්න.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page