top of page
Search

සිරිපා පියුමේ - රන් සළු (1967)

  • Madhawa Wijesekara
  • May 2, 2017
  • 1 min read

තනුව හා හඬ : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

පද : මහගමසේකර

සිරිපා පියුමේ...

රොන් සුණු තැවරේ...

ගිමන් නිවන පවන් හමා ඒ...

නිවී පහන් වී ළය සැනහේ..


නිවන් දොරට මග පානා...

සමනොළ රන්කොත මුදුනේ...

බැන්ද වියන් සේ...

අරුණු වළා රන්සළු පැටලේ...

හද කිමිදේ ලොව්තුරු සුවඳේ...


කෙලෙස් මලින් මිදී...

සිත සුවපත් වී...

පාවී යයි නිසංසලේ...

මහරහතන් වැසි මග ඔස්සේ...

වළා අතුල කඳුවැටි අතරේ...


1967 වසරේ දී තිරගත වූ රන්සළු චිත්‍රපටියට තමා මේ ගීතය ඇතුළත් වුණේ. අමරදේවයන් මේ ගීතයට තනුව නිර්මාණය කරන්නේ අඹේපුස්ස ප්‍රදේශයේ කඳු මුදුනක සිටයි. ඒ අවස්ථාවට පුණ්‍යා හීන්දෙණිය මහත්මියත්, මහගමසේකරයනුත් සහභාගී වෙලා තියෙනවා. අහසේ වලාකුළු දිහා බලන ගමන් තමා මේ ගීතයට තනුව නිමවී තිබෙන්නේ.


රන්සළු චිත්‍රපටිය ගැන සැකෙවින්

  • තිරගත වූ දිනය – 1967 අප්‍රියෙල් 30

  • ඉදිරිපත් කිරීම – චාමිකර චිත්‍රපට

  • නිෂ්පාදනය – උපසේන මාරසිංහ / එල්. එම්. සයිමන්

  • අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

  • කතාව, දෙබස්, තිර රචනය – පී. කේ. ඩී. සෙනෙවිරත්න

  • කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ

  • කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල

  • සංස්කරණය - සුමිත්‍රා ගුණවර්ධන (පීරිස්)

  • සංගීත අධ්‍යක්ෂණය හා ගායනය - (කවි ගායනය) – ඩබ්ලිව්. ඩී. අමරදේව

  • ගී පද රචනය – මහගම සේකර

  • ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු

නළු නිළියන්

  • ටෝනි රණසිංහ

  • දයානන්ද ගුණවර්ධන

  • පුණ්‍යා හීන්දෙනිය

  • ජේ. බී. ඇල්. ගුණසේකර (පියා)

  • අයිරාංගනී සේරසිංහ (මව)

  • අනුලා කරුණාතිලක

  • ඩී. ආර්. නානායක්කාර

  • ධර්මදාස කුරුප්පු

  • ශාන්ති ලේඛා

  • ඒ. පී. ගුණරත්න

  • සුභාෂිනි අතුකෝරාල

  • එස්. ඒ. ජේමිස්

  • ලාල් හේවාපතිරණ

  • සොමී මීගම

  • සුජාතා පරමනාදන්

  • කිත්සිරි පෙරේරා

  • සීතා කුමාරි

විශේෂතා


1968 5වන සරසවිය සම්මාන උළෙලේදී,

  • හොඳම නිළිය - පුණ්‍යා හීන්දෙනිය

  • හොඳම කැමරා ශිල්පි - සුමිත්ත අමරසිංහ

  • හොඳම ශබ්ද පරිපාලනය - මර්වින් රුද්‍රිගු, සම්මාන ද

  • ශාන්ති ලේඛා, අනුලා කරුණාතිලක විශේෂ කුසලතා තිළිණ ලැබූ අතර,

  • නිෂ්පාදනය සඳහා ද කුසලතා සහතිකයක් හිමි විය.

  • වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද තේරුණි.

  • හොඳම කතා රචනය, හොදම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය යන අංශ සඳහා විචාරක සම්මාන හිමි විය.

දිල්ලියේ ගාන්ධි සාම ත්‍යාග උළෙලේදී ගෞරවාර්හ සඳහනක් හිමි විය.

Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page