top of page
Search

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට

  • මාධව විජේසේකර
  • May 2, 2017
  • 1 min read

හඬ හා තනුව : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

පද : මහගමසේකර

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට

තිත්ත පැටව් උඩ පැන නැටුවා...

වැස්ස වහින්නට ඉස්සර අහසේ

වළාකුලෙන් විදුලිය කෙටුවා...

කිව්වට වස් නැත, නිල් නිල් පාටින්

කටරොළු මල් වැට වට කෙරැවා...

තුන් දවසක් අමනාපෙන් සිටි කළු,

නොක්කාඩු බැල්මෙන් බැලුවා....

ගල මතුපිට මල පිපෙන්න

මල වට බඹරිඳු නටන්න

වැහිවැහැලා ගඟ පිරෙන්න,

ගඟ උතුරා හිත පිරෙන්න...

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ

හිනාවෙයන් කළු හිනාවෙයන් //

නෙළා මගේ හිත හිනාවකින් තව

හිනාවෙයන් කළු හිනාවෙයන් //

මගේ අම්මාගේ ගම මොරටුවේ කොරළවැල්ලේ. ඒ කියන්නේ අමරදේව ශූරීන්ගේ ගම. තාත්තා කිරිඳිවැල. ඒ කියන්නේ මහගමසේකරගේ උපන්ගම වූ රදාවානට ළඟ ප්‍රදේශයක්. ඉතින් මේ ගීතය ගැන මගේ තාත්තා මට මෙවැනි කතාවක් කියලා තියෙනවා.


දවසක් අමරදේවයන් මහගමසේකරගේ රදාවානේ ගෙදරට ගියාලු. මහගමසේකර ඉතින් මීවිතට බොහොම ඇලුම් කරපු කෙනෙක්නේ. අමරදේවයන් එක්ක එකතුවෙලා මධුවිතක් සප්පායම් වෙන්න හදනකොටම කුසුමලතා මහගමසේකර මැතිණිය ටිකක් බර බරේ දැම්මාලු. අන්තිමට කරන්න දෙයක් නැති කමට අමරදේවත් එක්ක ගේ පිටිපස්සේ වෙල අයිනක තියෙන වක්කඩක් ළඟට ගිහින් දෙන්නත් එක්ක සප්පායම් වුණාලු. එතන වක්කඩේ තිත්ත පැටව් දඟලනවා දැකපු සේකරයන්ගේ හිතට ක්ෂණිකව ආපු සිතිවිල්ලක් ලෙස තමයි මේ ගීතයේ මුල් පද දෙක සිගරට් පෙට්ටියක ලියලා තියෙන්නේ. පස්සේ ඉතිරි පදවැල් ටිකත් අමුණලා අමරදේවයන් සංගීතය දැම්මා කියලා තමයි තාත්තා මට කියලා තියෙන්නේ.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page