top of page
Search

යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී - තුංමං හංදිය (1970)

  • මාධව විජේසේකර
  • May 2, 2017
  • 2 min read

පද : මහගමසේකර

තනුව : ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව

යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී //

පායන සඳ ඇති මේ රාත්‍රී //

නෙතු නිල් උපුලා සිඛි පිල් වරලා //

රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී

ගමනින් නාලිය වත සඳ සදිසි...

වදනින් මා හද පුබුදන දිගැසි //

මේ ලොව නෑ වෙන අන්...

ඈ සම වූ අඟනන් //

රූප ශ්‍රියාවිය දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී

1970 දී තිරගත වූ තුන්මංහන්දිය චිත්‍රපටියේ මේ ගීතය ඇතුළත්වුණේ. මහගම සේකරයන් අධ්‍යක්ෂණය කල එකම චිත්‍රපටිය මෙයයි. මෙය එතුමාගේම නවකතාවක් ඇසුරින් නිමවූවක්. මේ තුන්මංහන්දිය අදටත් තියෙනවා. එය රදාවාන හන්දියයි. මහගම සේකරයන් අධ්‍යාපනය ලැබූ රදාවානේ රජයේ පිරිමි පාසල පිහිටා තිබෙන්නේ මේ තුන්මංහන්දියේමයි. අද එය මහගම සේකර විද්‍යාලය ලෙස පවතිනවා.


1929-04-07 වෙනිදා ඉපදුණු මෙතුමාගේ සැබෑ නම විය යුත්තේ මහගමගේ සමරසේකර (එම්. ජී. සමරසේකර) ලෙසයි. නමුත් උප්පැන්න සහතික නිකුත් කරන නිලධාරින්ගේ ප්‍රමාද දෝෂයක් නිසා මහගම සේකර ලෙස උප්පැන්නේ නම සඳහන් වෙලා තියෙනවා. මේ චිත්‍රපටියේ සෑම රූප රාමුවක්ම මහගම සේකරයන් විසින් තිර නාටකයේ ඇඳ තිබෙනවා. සෑම චරිතයක්ම රූ සටහන් වලින් ඇඳ ඉන්පසු එය රූප රාමුවලට නගා තිබීම මේ චිත්‍රපටියේ විශේෂත්වයක්. මෙහි ජෝ අබේවික්‍රමයන් රඟන අබිලිං ගේ චරිතය ඇත්තටම සේකරයන්ගේ පියා නිරූපණය කරන චරිතයක් හා මෙහි එන සිරිසේන යනු මහගම සේකරගේම නිරූපණයක් ලෙසයි ආරංචි වෙන්නේ.


තුංමං හන්දිය චිත්‍රපටිය ගැන සැකෙවින්

  • තිරගත වූ දිනය – 1970 ඔක්තෝබර් 23

  • නිෂ්පාදනය – චිත්‍රා බාලසූරිය

  • නිෂ්පාදන සහාය – ඩී. ඒ. බාලසූරිය, රසිකා

  • බාලසූරිය, අමර ඒකනායක, සෙනරත් අබේවික්‍රම, ඇම්. ඇරෆින්

  • තිර නාටකය, දෙබස්, ගීත රචනය, අධ්‍යක්ෂණය – මහගම සේකර (තුංමං හන්දිය නවකතාව ඇසුරිනි)

  • කාර්මික උපදේශ හා කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ

  • කලා අධ්‍යක්ෂණය හා සහාය අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල

  • වේශ නිරූපණය – රත්නසිරි සේනාධීර

  • සංස්කරණය - දිල්ලිමුණි ජයතිස්ස

  • ශබ්ද පටිගත කිරීම – ආර්. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය)

  • ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගූ

  • රසායනික කටයුතු - ඇස්. තිරනාවුකරසු

  • සංගීත අධ්‍යක්ෂණය – ඩබ්. ඩී. අමරදේව

ගීත හා ගායන ශිල්පීන්:

  • යන්නෙම් දක්නා සේ මා සිත් ගත්තා වූ ඒ ලාලනී - විජේරත්න වරකාගොඩ

  • අතීතයෙන් ගඟ ගලා බසී – ඩබ්ලිව්. ඩී. අමරදේව

  • ඔබේ ඇසිනි මා දුටුවේ – ඩබ්ලිව්. ඩී. අමරදේව

නළු නිළියන්:

  • ජෝ අබේවික්‍රම

  • කුමාර බාලසූරිය

  • කරුණාරත්න රණසිංහ

  • ශාන්ති ලේඛා

  • දෙනවක හාමිනේ

  • ස්වර්ණා මල්ලවආරච්චි

  • චන්ද්‍රපාල විජේසූරිය

  • චන්ද්‍රා කළුආරච්චි

  • සෝමා බෝපිටිය

  • ශ්‍රියානි වික්‍රමසිංහ

  • ඩී. ඒ. බාලසූරිය

  • ධර්මදාස කුරුප්පු

  • ගැමුණු විජේසූරිය

  • ධර්මසේන අතුකෝරාළ

  • සෝමසිරි දෙහිපිටිය

  • ඒ. පී. ගුණරත්න

  • විජේරත්න වරකාගොඩ

  • බී. ඇස්. කරුණාරත්න

  • ශ්‍රීමත් බී. ලේකම්ගේ

  • කරුණාරත්න රණවක

  • සුනිල් ජයවීර

විශේෂතා - හොඳම නවක අධ්‍යක්ෂ (1971 විචාර සම්මාන)

Comentarios


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page