Search
මහ මුහුදු විමානේ
- මාධව විජේසේකර
- May 2, 2017
- 1 min read


ෂෙල්ටන්, උඹ මොකද්ද මේ කියලා තියෙන්නේ? ඇයි ඩෝල්ටන් මොකද්ද වරද? මොකද ? උඹ කියලා තියෙන්නේ, මහ මුහුදු විමානේ "රණ තිසර උදානේ" කියලා. මම ලියලා දුන්නේ, මහ මුහුදු විමානේ "සඳ කිඳුරු උදානේ" කියලා. ඉතිං ? ඉතිං කියන්නේ ? මුහුදේ කොහේද බං හංසයෝ!!!
මේ දෙබස ඇතිවෙලා තියෙන්නේ මේ ගීතය ගැයූ ෂෙල්ටන් පෙරේරා මහතා සහ පද රචනය කල ඩෝල්ටන් අල්විස් මහතා අතරයි. ගීතය පටිගත කරන අවස්ථාවේ දී ඩෝල්ටන් අල්විස් මහතා එම ස්ථානයේ ඉඳලා නැහැ. පද රචනාව අඩංගු කොලය නැවී ගිහින් කොටසක් වෙන්වෙලා ගිහින්. නැවිලා තිබෙන්නේ සඳ කිඳුරු උදානේ යන වචන තිබුණ කොටසයි. පටිගත කරන අවස්ථාවේදී මේ බව දුටු ෂෙල්ටන් පෙරේරා මහතා තමාට මතක තිබුණ වචනය යැයි සිතා කියා ඇත්තේ රණ තිසර උදානේ කියමිනුයි. අවසානයේදී පටිගත වූ ගීතය ඇසුණු ඩෝල්ටන් අල්විස් මහතා, ෂෙල්ටන් පෙරේරා මහතා සමග ඇති වූ සංවාදය තමයි උඩින්ම තිබෙන්නේ.