බුදුනේ බුදු පියාණනේ - සසර චේතනා (1985)
- මාධව විජේසේකර
- May 2, 2017
- 3 min read



බුදුනේ... බුදුනේ... බුදු පියාණනේ....
මනුසත් දෙරණේ අඳුර මකා පුනරාගමනය කල මැනවී පුනරාලෝකය දෙනු මැනවී බුදුනේ.. බුදු පියාණනේ....
පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ..... ඔබ සෙවනැල්ලේ.. දුසිරිත් දැඩිවෙයි නිරන්තරේ... බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය බොදුදම මැද මියැදී අවසානය බුදුනේ.. බුදු පියාණනේ....
නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩම කරන් මිනිසත් කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන් ඔබ දුටු නිර්මල දැහැමි අතීතය අදමින් ජනසිත් අතර අනාතය බුදුනේ.. බුදු පියාණනේ....
1985 වසරේ මාලිනි ෆොන්සේකා මහත්මිය අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කල සසර චේතනා චිත්‍රපටියේ තමයි මේ ගීතය ඇතුළත් වුණේ. මේ ගීතයට සංගීතය සැපයූ වාදන ශිල්පියෙක් පුවත්පතකට කියලා තිබුණා එදා පටිගත කරන දවසේ ෂෙල්ටන් පෙරේරා මහත්තයට කෙළින් ඉන්න වත් බැරි තරමට සූර් වෙලා ඉඳල තියෙන්නේ. ඉතිං සරත් දසනායක මහත්තයා බෝම ආදරෙන් කිව්වලු "ෂෙල්ටන් අයියේ අපි මේ සින්දුව වෙන දවසක කියමු" කියල. ඒත් ෂෙල්ටන් මහත්තයා කිව්වලු "ඒම හොඳ නෑනේ මල්ලි, ඔයාල බෝම මහන්සි වෙලා තියෙන බව පේනවා මේ වැඩේට, ඒ නිසා අපි කොහොම හරි කියමු" කියල. ඉතිං එතුමාගේ ජ්‍යේෂ්ඨත්වය නිසා කාටවත්ම බෑ කියන්න බැරි වුනාලු.
ඊට පස්සේ එතුමාව මයික්‍රෆෝනය ඉදිරියේ පුටුවක ඉන්දවලා, ගීතයේ පදවැල පොල්ගෙඩි අකුරෙන් ලියලා දුන්නාලු. කිසි ප්‍රශ්නයක් නැතිව ෂෙල්ටන් පෙරේරා මහතා එකපාරින්ම ගීතය ගැයුවාලු. ගීය අවසානයේ දී සරත් දසනායක මහතා සතුටු කඳුලු වගුරවමින් දුවගෙන ඇවිත් ෂෙල්ටන් පෙරේරා මහතා බදාගෙන කිව්වාලු "ෂෙල්ටන් අයියේ වැඩේ නම් නියමෙට ම කලා" කියලා.
එතුමා වැඩේ නියමෙට ම කරපු නිසාම 1985 වසරේ සරසවි සම්මාන උළෙලේ දී හොඳම ගායකයා හැටියට පිදුම් ලබනවා. එසේම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හොඳම පද රචනාවටත්, සරත් දසනායකයන් හොඳම සංගීත අධ්‍යක්ෂණයටත් සම්මානයට පාත්‍ර වෙනවා.
සසර චේතනා චිත්‍රපටිය ගැන සැකෙවින්
තිරගත වූ දිනය – 1984 ජුනි 30
ඉදිරිපත් කිරීම – මලිති චිත්‍රපට
නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය - මාලිනී ෆොන්සේකා
කතාව, දෙබස්, තිර රචනය – දයා රාජපක්‍ෂ
සහාය අධ්‍යක්‍ෂ-ණය – අයි. එන්. හේවාවසම්
කැමරා අධ්‍යක්‍ෂණය - සුමිත්ත අමරසිංහ
කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර, සුමින්ද වීරසිංහ, සුනිල් ජයවීර, සරත් කුමාර, බෙනඩික් ද සිල්වා, නිමල් බන්දුසේන, සෝමරත්න ඉඹුලේගම
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුනි
සංස්කරණය සහාය- චන්ද්‍රසේන රූබසිංහ
අංග රචනය – ඊබට් විජේසිංහ
කලා අධ්යක්ෂණය – ධර්මසේන හේමපාල
කලා අධ්‍යක්‍ෂණ සහාය අතුල සුල්තානාගොඩ
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
නැටුම් ඉදිරිපත් කිරීම - සුමනා ගෝමස්
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
ශබ්ද සහාය – ඇලෝසියස් රුද්‍රිගු, ඒ. පී. අමරසිංහ, වී. සුන්දරරාජ්, බී. සෝමදාස
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ්, ප්‍රසාද් කලර් මූවි ලැබ් - චෙන්නායි
රසායනාගාර සම්බන්ධීකරණය - ෆොටෝ කීනා
ඩිල් ෆිල්ම්ස් ‘ඉන්ටර් නැෂනල්’ සැකසුම – විජය චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - ජෝර්ජ් වීරසිංහ
වෙඩි පිපිරීම – කරුණාදාස අතුරුගිරිය
කැමරා සහ ආලෝක උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
පසුබිම් සංගීතය පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළූ ශබ්දාගාරය
හෙලිකොප්ටර් යානා පැදවීම – බලගන නායක ඔලිවර් රණසිංහ
මෝටර් සයිකල් පුහුණුව - රාජා පෙරේරා
ආලෝකකරණය - රංජිත් පෙරේරා
නිෂ්පාදන අංශයේ සහාය - මෝලි ඇලන්සන්, ගුණරත්න හපුආරච්චි, පී. රාජා, එම්. පී. ගුණසේකර
නිශ්චල ඡායාරූප – ආනන්ද ෆොන්සේකා
සංගීත අධ්යක්ෂණය - සරත් දසනායක
දිග ප්‍රමාණය – මීටර් 3061
ධාවන කාලය – පැය 2 විනාඩි 03
ගීත
බුදුනේ බුදු පියාණනේ – ටී. ෂෙල්ටන් පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න
හිම කඳු යහනේ - ග්‍රේෂන් ආනන්ද, නිරංජලා සරෝජිනී, කුලරත්න ආරියවංශ
නළු නිළියන්
මාලිනී ෆොන්සේකා
සනත් ගුණතිලක
ජෝ අබේවික්‍රම
ටෝනි රණසිංහ
රෙක්ස් කොඩිප්පිලි
විල්සන් කරුණාරත්න
විමල් කුමාර් ද කොස්තා
ධර්ම ශ්‍රී මුණසිංහ
ජී. ගුණවර්ධන
ශාන්ති ලේඛා
විශාකා සිරිවර්ධන
ටෙඩී විද්‍යාලංකාර
නිමල් ෆොන්සේකා
සුමේධ වික්‍රමරත්න
ආනන්ද පෙරේරා
රත්නසිරි ද සිල්වා
සුමිත් මුදන්නායක
ප්‍රේමදාස හපුආරච්චි
ගාමිණී රාමේෂ්වර
ඩබ්ලිව්. එච්. ඩී ජයවර්ධන
ඉලංකෝන් බණ්ඩාර
සුරංග ෆොන්සේකා
සුරංගිකා ෆොන්සේකා
රොනල්ඩ් ප්‍රනාන්දු
බී. ඩී. සේනතුංග
ටීසා
බී. ගුණපාල
පී. ඩබ්ලිව්. පෙරේරා
ඩී. එච්. ඩිගෝට්
ටිරෝන් මයිකල්
ක්ලීටස් මෙන්ඩිස්
සුමනා ගෝමස්
පී. බී. ඉලංකෝන්
එස්. බී. සේනාරත්න
ඒ. ඩබ්ලිව්. සේනානායක
සුමේධ වික්‍රමරත්න
රත්නසිරි සිල්වා
ආනන්ද පෙරේරා
පී. ලීලානන්ද
අශෝක සමරවීර
බන්දුල ගුණසේකර
වී. ආර්. විරාජ් අලි
උපාලි රණසිංහ
හේමන්ත සෙනෙවිරත්න
ආරම්භක සිනමා ශාලා
නිව් ඔලිම්පියා - මරදාන
තුසිත - පේරාදෙණිය
කිංග්ස් - බදුල්ල
සිනෙක්ස්පෝ - කුරුණෑගල
මානෙල් - දෙටගොඩ
එන්. අයි. ටී. – රත්නපුර
කිංග්ස් - මීගමුව
රොක්‍ෂි - වැල්ලවත්ත
දොන් ෆ්ලාසා - කළුතර
ගැමුණු - වත්තල
විශේෂතා
1985 දෙසැම්බර් 06 වැනි දින පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී රුපියල් ලක්‍ෂ 50 කට අධික ආදායම් ලැබූ චිත්‍රපට සඳහා පිරිනමන ලෝකඩ පදක්කම දිනාගන්නා ලදී.
1985 වසරේ පැවැති සරසවි සිනමා සම්මාන උළෙලේදී,
හොඳම කැමරාකරණය - සුමිත්ත අමරසිංහ
හොඳම සංගීත අධ්යක්ෂණය - සරත් දසනායක
හොඳම කලා අධ්යක්ෂණය - ධර්මසේන හේමපාල
හොඳම ශබ්ද පරිපාලනය - කේ.ජී.කේ. බාලසිංහම්
හොඳම ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
හොඳම ගායකයා - ෂෙල්ටන් පෙරේරා
කුසලතා සම්මාන - විල්සන් කරුණාරත්න
දිනාගන්නා ලදී.
Comments