top of page
Search

එගොඩහ යන්නෝ

  • මාධව විජේසේකර
  • May 2, 2017
  • 2 min read

හඬ සහ තනුව : ෂෙල්ටන් පෙරේරා

පද : ඩෝල්ටන් අල්විස්

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ ‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ ‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ ‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි ‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ ‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා ‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා ‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ


මේ තොටියා යනු අන් කවරෙක්වත් නොව වියපත් වූ පිරිනිවන් පාන්නට සූදානමින් සිටින බුදුරජාණන්වහන්සේයි. ඩෝල්ටන් අල්විස් මහතා ඉතාම ඇලුම් කරපු සූත්‍රයක් තමා මහා පරිනිබ්බාණ සූත්‍රය. ඒ ඇසුරින් තමා මේ ගීතය රචනා වී තිබෙන්නේ. එතුමාගේ බොහෝ ගී පද රචනා හොඳින් නිරීක්ෂණය කලොත් වචන ඉතාම අඩුයි. හැබැයි තේරුම ඉතා ගැඹුරුයි. මේ පද මාලාවෙන් ඒ බව මොනවට ඔප්පු වෙනවා.


එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ - සසරේ ඉපදෙමින් මැරෙමින් ඉන්න අය කවුද තව ඉන්නේ ගඟුල අනෝමයි - ජීවිතය නමැති ගංගාව හැල හැප්පීම් සහිතයි අද මට වෙහෙසයි - මම දැන් වයස්ගත ව ඉන්නේ යනවා නම් එන්නේ - මාත් සමගම සසරින් එතෙර වනවා නම් ඔබත් කුසල් කර නිවන් දකින්නට මාත් සමගම එන්න මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා - මම මෙතෙක් මේ සසර පුරාම ඉපදෙමින් මැරෙමින් ආවා පමා නොවන්නේ අඳුර වැටෙන්නේ - අප්‍රමාදව කුසල් කරන්න නැතහොත් ජීවිතය අඳුරට යන්නට ඉඩ ඇත.


මෙහි සංගීතයෙත් විශේෂත්වයක් තිබෙනවා. තොටගමගේ ෂෙල්ටන් පෙරේරා මහතා මෙහිදී බෙංගාලි ජන සංගීතයත් ශ්‍රී ලාංකීය ජන සංගීතයත් දෙකම මුසුකරමින් තමා තනුව නිර්මාණය කර තිබෙන්නේ. මේ ශෛලීන් දෙකම හාත්පසින්ම වෙනස්. නමුත් ඒ දෙකම එකවර යොදා ගැනීම විශේෂ හැකියාවක්.


බෙංගාල ජන සංගීතයේ විශේෂත්වය තමා බොහෝ විට ගංගාවක් ඇසුරු කරගෙන ගීත නිර්මාණය වීම. ඉන්දියාවේ ගංගා නම් නදිය මුහුදට ගලන්නේ බෙංගාල ප්‍රාන්තය හරහායි. ඉතින් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවිකාව ගෙනයන්නේ ගංගා ගඟ ඇසුරු කරගෙනයි. ඒ නිසාම ගංගා ගඟ ඇසුරු කරගෙනම ඒ සංගීතය ගොඩනැගීම අමුතු කරුණක් නොවෙයි.


මෙහිදී තොටගමගේ ෂෙල්ටන් පෙරේරා විසින් එගොඩහ යන්නෝ.......... මෙගොඩහ යන්නෝ.................. ආදී වශයෙන් දීර්ඝ ලෙස මාත්‍රා යොදාගෙන තිබෙනවා. මුළු ගීතය පුරාම එය දකින්නට තිබෙන ලක්ෂණයක්. ඉතින් අපේ ජන සංගීතයෙත් එන පාරු කවිවලත් මෙය දකින්න පුළුවන්. එසේ දීර්ඝ ලෙස උච්චාරණය කරන්නේ ගඟේ එගොඩ සිටින අයටත් ඇසෙන අයුරින්. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය හැදෑරු ෂෙල්ටන් පෙරේරා මහතා මේ දෙකම අවබෝධ කරගත් හැටි අපූරුයි නේද?


එතුමාගේ තනු නිර්මාණ ගැනත් විශේෂත්වයක් තියෙනවා. බොහෝ තනු වල අන්තරා කොටස් verses ගත්තොත් පලවෙනි අන්තරා කොටසේ තනුවත් දෙවන කොටසේ තනුවත් හාත්පසින් වෙනස්. මා විශ්වාස කරනවිදියට මේ pattern එක ලංකාවේ ආරම්භ කලෙත් මෙතුමා විය හැකියි. ඒ වගේම හින්දි බස ගැන මනා දැනුමක් එතුමාට තිබුණා. එතුමා විවාහ වුණේත් ඉන්දියානු ජාතික කාන්තාවක්. විවාහයෙන් පසුව ශෂී පෙරේරා නම් වූ ඇය මෙතුමා සමග ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කලා. එසේම ෂෙල්ටන් පෙරේරා මහතාත් කලක් හින්දි සේවයේ කටයුතු කල අතර එම සේවයෙන් ඉන්දියාව ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකික නිවේදකයා ලෙස එතුමා වාර්තා අතරට එකතු වෙනවා.


බොහෝදෙනා නොදන්නවා නමුත් එතුමා දක්ෂ තබ්ලා වාදකයෙක්. ඉන්දියාවේ මොහොමඩ් රාෆි වැනි ප්‍රවීණයන්ට පවා තබ්ලා වාදනයෙන් පසුබිම් වාදනයෙන් දායක වූ අයෙක්. එතුමා ගැයූ ගීත සංඛ්‍යාව ඉතාම අල්පයි. සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි ගණනත් ඉතාමත් අඩුයි. දරුදුක, හදවත නැත්තෝ, සිංගප්පූරු චාලි, ඉවසන දනා යනු ඒවාට උදාහරණ කීපයක් පමණයි.


එතුමා ජීවත්වූ‍යේ වසර 47ක් පමණයි. එතුමාගේ මරණින් පසු ඒ අනන්‍යතාව ඉදිරියට රැගෙන ඒමට එතුමාගේ පුත් සතිෂ් පෙරේරාත් දියණිය වූ අනුරාධා පෙරේරාත් සහෝදරයා වූ ඩන්ස්ටන් පෙරේරාත් සමත් වූවා. පියාගේ ගීතවලට නව සංගීත ආරක් එක් කරමින් අපේ සිත් වසඟ කල සතිෂ් පෙරේරාත් අවාසනාවට අපට අහිමි වුණා.

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags

© 2016 by Madhawa Wijesekara. Proudly created with Wix.com

Send me your comments

Success! Message received.

bottom of page